Google search engine
Home ගොසිප් පුවත් කන්ටේනර් පෙට්ටි දෙක බඩුත් එක්ක උස්සන් ගිහින්

කන්ටේනර් පෙට්ටි දෙක බඩුත් එක්ක උස්සන් ගිහින්

0
17

athugiriya-incident

පෞද්ගලික ඉඩම් වෙන්දේසි සමාගමකින් අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ විකිණීම සඳහා යොදාගත් ඉඩමක තබා තිබූ රුපියල් ලක්ෂ විස්සකට ආසන්න වටිනාකමින් යුත් අඩි විස්සක් දිගැති බහාලුම් දෙකක් සමගින් එහි ඇතුළත තිබූ ගෘහභාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.අදාළ ඉඩම් වෙන්දේසි සමාගම මගින් සිදු කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී අදාළ ප්‍රදේශයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කර මෙම සැකකරුවන් දෙදෙනා සමගින් සොරාගත් බහාලුම් සහ ගෘහභාණ්ඩ තොගය අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

එක් බහාලුමක් පැලවත්ත ප්‍රදේශයේ සහ අනෙක් බහාලුම මල්වාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකුට විකුණා තිබියදී සොයා ගැනීමට හැකිව  ඇත.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි අදාළ සොරකම් කරන ලද භාණ්ඩ විකිණීම සඳහා තැරැව්කරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ අතුරුගිරිය මුල්ලේගම ප්‍රදේශයේ අදාළ වෙන්දේසි ඉඩමෙහි මුරකරුවකු ලෙස කටයුතු කළ 55 හැවිරිදි විශ්‍රාමික ගබඩා පාලකවරයෙකි.

එම වෙන්දේසි ඉඩමෙහි ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා සිටි නිලධාරීන්ගේ පාවිච්චියට මෙම බහාලුම් දෙක තබා තිබී ඇති බවත්, එම නිලධාරීන්ගේ පරිහරණය සඳහා තිබූ ගෘහභාණ්ඩ ද එම බහාලුම් තුළ වසර අටකට වැඩි කාලයක් එම ඉඩමේ තබා තිබූ බව ද පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කේ. බුද්ධික කුමාරසිරි

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here