Google search engine
Home ගොසිප් පුවත් අපරාධකරුවන්ගේ දේපළ රාජසන්තක කරන්න නීතියක්

අපරාධකරුවන්ගේ දේපළ රාජසන්තක කරන්න නීතියක්

0
10

new-law-for-crime-person

යම් කිසි අපරාධයක් සිදු කර හිමි කරගන්නා දේපළ රාජසන්තක කිරීමට ඉඩ සලසන නව නීති කෙටුම්පතක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරුන් එක්ව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය වන ඩොලර් තිස්තුන් කෝටි හැත්තෑ ලක්ෂයක් මුදාහැරීමට පෙර මෙම නව නීති සම්පාදනය කරන බවට වූ පොරොන්දුව ඉටු කළ යුතුය යන ස්ථාවරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසු වීම මෙම නීති කෙටුම්පත ගෙන ඒමට හේතු වී ඇතැයි වාර්තා වේ. මෙම වාර්තාවේ ප්‍රධාන කරුණු පිළිබඳ සංක්‍ෂිප්ත සාරාංශයක්, යෝජිත නීති සැලැස්මක් සහ නීත කෙටුම්පත යනාදිය අඩංගු වේ. මෙම සමස්ත ලේඛනයම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.ම

ෙම The Proceed of Crime Act (POCA) (අපරාධවලින් හිමි කරන්නා දේපළ පිළිබඳ පනත) ඔස්සේ වැළැක්වීම, සුරක්ෂිතව තබාගැනීම, අහිමි කිරීම, ආරක්ෂා කිරීම, කළමනාකරණය නීතිමය වශයෙන් තහනම් කිරීම හා අපරාධ වලින් ලබාගත් දේපළ රාජසන්තක කිරීම ආදිය උදෙසා ප්‍රතිපාදන සැපැයේ.

නව පනතින් යම් පුද්ගලයකු වරදකරු කිරීමෙන් අනතුරුව හෝ ඔහු වරදකරු කිරීමකින් තොරව හෝ අපරාධයකින් හිමි කරගත් දේපළ රාජසන්තක කිරීම උදෙසා ද ප්‍රතිපාදන සැපැයේ. මෙසේ අපරාධකරුට අහිමි කරන දේපළ ආරක්ෂා කිරීම, කළමනාකරණය හා සුරක්ෂිතකරණය සම්බන්ධව කටයුතු කිරීමට අපරාධ දේපළ කළමනාකරණය කිරීමේ අධිකාරිය නම් නව ආයතනයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.

මෙම නව නීතියෙන් අපරාධයට ගොදුරුවූවන්ට සිදු වූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ප්‍රතිපාදන ද යෝජනා කර තිබේ.මෙම නීතිය ගෙන ඒම සඳහා පත්කළ 17 පුද්ගල කමිටුවේ ප්‍රධානත්වය දැරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (ජනාධිපති නීතිඥ) යසන්ත කෝදාගොඩ මහතාය.එම කමිටුවේ සාමාජිකයකු වූ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙසේ කීවේය.

“සාමාජයට බොහෝ සෙයින් අවශ්‍යව තිබුණ මෙම නීතිය යටතේ හානි සහ වන්දි අය කරගැනීම පිළිබඳ සිවිල් ප්‍රතිකර්ම අප හඳුනාගෙන තිබෙනවා. සාමූහිකව තමන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් වන්දි අය කරගැනීමේ ක්‍රියාවලීන්ට සමාජයට සාමූහිකව එක්ව නඩු පැවැරීමට මේ ඔස්සේ යොමු විය හැකියි.” මේ සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා කීවේ, සොරා ගැනීම, පැහැර ගැනීම සහ අල්ලස් යන අපරාධ ඔස්සේ අත්පත් කරගත් දේපළ රාජසන්තක කරගැනීම උදෙසා නීති ශ්‍රී ලංකාවේ මෙතෙක් නොපැවැති බවත්, මෙම නීති ඔස්සේ එම අඩුපාඩු සම්පූර්ණ වූ බවත්ය.

 කාමිනී විජේදාස – සන්ඩේ ටයිම්ස්

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here