හෙයා කලර් එකක් කරන්නද හිතන් ඉන්නෙ? එහෙනම් මේ අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන දැනගෙනම ඉන්න – Sri News

0
6

2020ත් ආවා… ඒ කියන්නෙ දැන් ආයෙමත් අලුත් අවුරුද්දක අලුත් ෆැශන් ට්‍රෙන්ඩ්ස් තමා එන්නෙ. හෙයා කලර් එකක් නොක​ළ කෙනෙක් දැන් නම් හොයාගන්නත් අමාරු තරම්. නිකම්ම සැලෝන් එහෙකට ගිහින් සැලෝන් එකේ අක්ක කියන මොකක් හරි පාටක් ගාගෙන එන්නෙ නැතුව බලමුද අලුත්ම හෙයාර් කලරින්ග් ට්‍රෙන්ඩ්ස් ටිකක් ගැන? 

 

ස්වභාවික පෙනුමක් එන ගෝල්ඩ් හයිලයිට් එකක්. බෲනට් අන්ඩර්ටෝන් ශේඩ් එකක් එක්ක හෙයාලයින් එකයි ෆ්‍රින්ජ් එකයි ගෝල්ඩ් රිෆ්ලෙක්ට් එකක් එන්න ඉදිරිපස කොණ්ඩයේ තරමක් පහත ඉඳන් තමයි මේ හයිලයිට් එක කරන්නෙ. පිටිපස්සට වෙන්න වෙන්න කොණ්ඩෙ බෲනට් කලර් එක තමා වැඩි පුර පේන්නෙ. පින්තූර බැලුවම තවත් පැහැදිලි වෙයි.

 

මේක බ්ලොන්ඩ් කලර් හයිලයිට් එකක්. පැහැපත් හමක් තියෙන ගෑණු ළමයින්ට තමා වඩාත් ලස්සන. ලයිට් ගෝල්ඩ්, මීඩියම් ගෝල්ඩ් ඉඳන් මීඩියම් වෝම් ගෝල්ඩ් වෙනකම් වර්ණ මේ සඳහා පාවිච්චි කරනව. සොෆ්ට් ගෝල්ඩන් ලුක් එකක් ගන්න බේස් එකට දාන බ්ලොන්ඩ් ගෝල්ඩ් එකට වඩා එක ශේඩ් එකක් ලයිට් කලර් එකකින් හයිලයිට් කරන්න.

 

රතු දුඹුරු වර්ණයකින් එන හයිලයිට් එකක් මේ. මැහෝගනී බේස් කලර් එහෙකට අර්බන් හයිලයිට් එකක් ගේන්නෙ අපූරු සුන්දරත්වයක්. ඔයාට දැනටමත් තියෙන්නෙ තද දුඹුරු කොණ්ඩයක් නම් ඔයා ගන්න අර්බන් හයිලයිට් එක ඔයාගෙ කොණ්ඩයේ තියෙනම පාටට වඩා ශේඩ්ස් දෙකක් ලා පාට උනාම හොඳටම ඇති. හයිලයිට් එක සාමාන්‍ය කොණ්ඩයට වඩා ලා පාට උනාම එන්නෙ කලබලකාරි පෙනුමක්. ටිකක් කැරලි කොණ්ඩෙකට මේ ට්‍රෙන්ඩ් එක හොඳටම ගැලපෙනව.

 

පැස්ටල් පෙට්ටිය ඔළුවෙ හලාගත්තා වගේ වර්ණවත් හෙයා කලර් ට්‍රෙන්ඩ් එකක් කරළියට ඇවිල්ල දැන් මාස ගණනාවක් වෙනව. හැබැයි ඒ පැස්ටල් කලර් ට්‍රෙන්ඩ් එකම 2020ට එන කොට පොඩ්ඩක් වෙනස් වෙලා කලින් තිබ්බ බ්‍රයිට්, ඇස් කඩන් යන පාට වෙනුවට ඊට වඩා හේදිලා ගිය ලුක් එකක් එන ලා පාටට හැරිල තියෙනව. කොණ්ඩෙට හැබෑම වෙනසක් කරන්න කැමති වයිබ්‍රන්ට් ලුක් එහෙකට හිත යන ගෑණු ළමයින්ට මේ ට්‍රෙන්ඩ් එක වඩා සුදුසුයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here