සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙටින් ඇරඹෙයි – Sri News දේශීය පුවත්

0
10

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පළාත් වශයෙන් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය  උදෑසන 8 සිට මධ්‍යයන 12 දක්වා හෙට සිට පළාත් මට්ටමින් ක්‍රියාවට නැංවීම අරඹන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

හෙට දිනයේ උතුරුමැද පළාතේ ද ලබන 13 වනදා මධ්‍යම පළාතේ ද 14 වනදා සබරගමුව පළාතේ ද එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 15 වනදා වයඹ පළාතේ මෙන්ම 16 වනදා දකුණු පළාතේ ද 20 වනදා ඌව පළාතේ සහ 21 වනදා බස්නාහිර පළාතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කාලසීමාවේ සාමාන්‍ය සේවා වලින් ඉවත්ව සිටියද හදිසි අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂක සේවා ආවරණ කටයුතු සිදුකරන බව එම සන්ධානය වැඩිදුරටත් දැනුම් දෙනවා.

කෙසේ වුවද මෙසේ ආරම්භවීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්වූයේ මෙවන් අදහසක්.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here