මාලිමා ආණ්ඩුවෙන් උමාඔය වංචා දුෂණ ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරනවා..- සමන්ත

0
12

ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

එම ව්‍යාපෘතියේදී සිදු කරන ලද හොරකම් වංචා මෙන්ම ජනතාවට සිදු වූ හානිද පරීක්‍ෂා කරන බවද හෙතෙම පැවසීය.

තාවකාලිකව පොඩි ලෝකයක් පෙන්නුවත් දැන්ම සහතික ලියන්නට කලබල නොවන ලෙසද ඉල්ලා සිටි ඔහු එය අනාගතයට භාරදිය යුතු බවද කියා සිටියේය.

ව්‍යාපෘතියේ බොහෝ විපත් වැළැක්වුවත් මුළු විපතම වලක්වා ගැනීමට ගැනීමට නොහැකි වීම ගැන කණගාටුවක් ඇති බවත් ඒ මහතා තවදුරටත් පැවසීය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here