පාසල් සිසුවෙකු සුදු ඉර මතදි යට කරයි…

0
5

වැලිමඩ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයකට සුදු ඉර මතින් මාර්ගය මාරු වෙමින් සිටි පාසල් සිසුවෙකු ගැටිමෙන් එම පාසල් සිසුවා බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල දමිල මහා විද්‍යාලය ඉදිරිපිට සුදු ඉර මතදිය.

බාහිර පන්තියකට සහභාගි විමට පැමිණ ඇති පාසල් සිසුවා අපරික්ෂාකාරි ලෙස සුදු ඉර මතින් මාර්ගය මාරු විමට උත්සහ කල අවස්තාවේ අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයේ පාසල් සිසුවා ගැටි පාසල් සිසුවා අඩි කිහිපයක් ඉදිරියට බිම දිගේ ඇදි ගොස් බරපතල ලෙස තුවාල ලබා ඇති බවත්, අනතුරෙන් පාසල් සිසුවාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

ත්‍රිරෝද රථයේ රියදුරා දිඹුල පතන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර , සැකකරු (08) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here