අමරවීර ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණය දීර්ඝ කෙරේ

0
10

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (08) දිනයේ කැඳවූ අවස්ථාවේ දී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශවය ඉල්ලා සිටියා.

ඒ, අනුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම අමාත්‍යවරු පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here