පාසල් පෝෂණ වැඩසටහනට දුන් සහල් ගැන නිවේදනයක් – Sri News දේශීය පුවත්

0
13

පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරෙනවා.

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුවි මේ බව සදහන් කර ඇත්තේ.

වේයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ගබඩාවෙන් සහල් තොග නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පත්කළ විද්වත්කමිටුවේ නිර්දේශ මතයි.

එම කමිටුව අදාළ නිර්දේශ ලබාදී ඇත්තේ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කර ගනිමින්.

ආයතන කිහිපයක් මගින් එසේ මිනිස් පරිභෝජනයට සුදුසු යැයි තහවුරු කළ සහල් තොග වේයන්ගොඩ දිස්ත්‍රික් ගබඩාවෙන් යළි පරික්ෂාකර ලබා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය වන පරිදී නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත් එම සහල් තොගය මැයි පළමුවනදාට පෙර භාවිතයට ගැනීමට හැකිවන පරිදී සැලසුම් සකස් කරන ලෙසත් සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව සහල් තොග ගබඩාවෙන් නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනය භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මගින් ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති බවයි ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරික්ෂක විසින් පරික්ෂා කළ යුතු බවද දැනුම් දී තිබෙනවා.

මෙම සහල් ප්‍රදානයක් ලෙස ලැබී ඇති බැවින් ඇසුරුම් වල විකිණීම සදහා නොවේ යන්න මුද්‍රණය කර ඇති බවත් සහල් තොග පරිභෝජනයට සුදුසු නොවන බවට ඉන් අර්ථ ගැන්වීමක් සිදු නොවන බවත් අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සදහා නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි අදාළ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here