අද උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

0
13

අද (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද (05) දිනයේ උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

මේ අතර අද (05) දිනයේ දී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here