ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන්තොටුපොළ ජනතාවට බරක් නොවීමට පියවර රැසක් – Sri News දේශීය පුවත්

0
8

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ, රටේ බදු ගෙවන ජනතාවට බරක් නොවන සේ පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ පාර්ලිමේන්තුවේදී (2024.05.08 ) හේෂා විතානගේ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

විදේශ ගමන්,පුහුණු සීමා කිරීම, බඳවා ගැනීම් අත්‍යවශ්‍ය ඒවා සඳහා පමණක් සිමා කිරීම, අනවශ්‍ය ප්‍රසම්පාදන,මිලදී ගැනීම් සීමා කිරීම, ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියට සහාය වීම, වැටුප් සංශෝධන හා දීමනා ගෙවීම් අත්හිටුවීම් ආදී පියවර රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here