විසිතුරු කරාබු දමන ඔබ දැනගත යුතුම දෑ – Sri News

0
9

විසිතුරු කරාබු කියන්නේ ගැහැණු ළමයි අනිවාර්යයෙන්ම කැමතිම ආභරණයක්. අඳින-පළඳින දෑ සමඟ ගළපලා එක වෙනස් කරන්න කැමති ඔබ එකිනෙකට වෙනස් විදියේ කරාබු රැසක හිමි කාරිනියක් නම් මෙන්න මේ දේවල් ගැනත් දැනුවත් වන්න.

කාන්තාවන් විවිධ කරාබු වර්ග පැළඳීමට බොහෝ සෙයින් රුචි කරති. එහෙත් මේ සම්ප්‍රදායට දිගු අතීතයක් තිබෙන බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. දුරාතිතයේ පටන් ඉන්දියාවේ, පර්සියාවේ, ඉජිප්තුවේ සහ අරාබියේ විසූ වැසියන් අතර කරාබු පැළඳීම ඉතාමත් ජනප්‍රියව තිබී ඇත.

වෙනස් පාට, මෝස්‌තර, ප්‍රමාණයන්, හැඩතල, කැමැත්ත සහ අවස්ථාව අනුව කරාබු මෝස්තර භාවිතාව වෙනස් වේ. කැඩුනු ගල් කැබලිවල සිට වටිනා ලෝහ සහ මැණික් දක්වා ඕනෑම දෙයක් යොදා නිර්මාණය කරනු ලබන විසිතුරු කරාබු වර්ග තිබුණත් වෙළඳ පොළ තුළ ඇති මිලෙන් අඩු විසිතුරු කරාබු වර්ග මිල දී ගෙන පැළඳීමට පෙර එ්වායේ තත්ත්වය පිළිබඳව සොයා බැලීම කළ යුතුමයි.

වෙළඳපොලේ ඇති විසිතුරු කරාබු වර්ග වල පිටුපස බෝලය සමඟ ප්ලාස්ටික් කොටසක්ද ඇති බව ඔබ දැක ඇත. බොහෝ අය කරාබු පැළඳීමේදී මෙම කොටස සමඟ කරාබුව පළඳිනවා. විකිණීමේදී කරාබු වල පිටුපස බෝලය නැති වීම වැළැක්වීමට මෙම ප්ලාස්ටික් කොටස කොටස තබා ඇති අතර පැළඳීමේදී එය ඉවත් කිරීමට මතක තබා ගන්න.

ලස්සන කරාබු දාල හැඩවෙන්න කැමති වුනාට කන විදල නැති නම් නිසි ප්‍රමිතියෙන් යුක්ත තැනකින් නසි පුහුණුව ලත් අයෙක් ලවා කරවා ගැනීම නම් අනිවාර්යයි. ආසාදනයන් හෝ අසාත්මිකතාවක් ඇති වෙන්නට හැකි බැවින් කන විදීමෙන් පසුත් කන විදූ සිදුර පිරිසිදුව තබා ගන්න.

කරාබුවල ලස්සන වගේම ඒවා පිරිසිදු කිරීමත් අනිවාර්ය දෙයක්. කරාබු පිරිසිදු කර ගැනීමට සුමුදු සබන් වර්ගයක් හෝ ස්ප්‍රීතු වර්ගයක් යොදාගැනීම වඩා සුදුසුයි. උපරිම ගුණාත්මක බවින් යුතු මුහුණට එළියක් ලැබෙන විසිතුරු කරාබු යුගල කිහිපයක් ලඟ තබා ගැනීමෙන් ඔබේ පෙනුම වඩාත් ඔප් නංවාගත හැකියි.

– කල්හාරී –

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here