විදේශිකයෙකුට බැන තර්ජනය කළ මුදලාලිට ඇප – Sri News දේශීය පුවත්

0
18

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීම සහ අඩත්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ආහාර අලෙවි සැලක ව්‍යාපාරිකයෙකු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කිහිපය තුළ මෙරටට සංචාරකයින්ගේ පැමිණීම බොහෝ සේ අඩු වුණා.

එය රටේ ආර්ථිකය ටද දැඩි සේ බලපෑම් සිදු කළ අතර එම තත්ත්වයෙන් මිදී යළිත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය විවිධ ක්‍රියමාර්ග අනුගමනය කළා.

එම වැඩසටහන්වල ප්‍රතිඵල ලබමින් සංචාරකයින් යළිත් දිවයිනට පැමිණෙමින් සිටින මොහොතක දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සංචාරකයින්ට සිදු වන හිරිහැරියන් පිළිබදව මාධ්‍ය ඔස්සේ දිනෙන් දින වාර්තා වනවා.

එවැනි සිදු වීමක් පසුගියදා කොළඹ කොච්චි කඩේ ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එහිදී එම ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක වෙලෙන්දෙකු විදේශිකයෙකුට රුපියල් 1900 ක මුදලකට කොත්තුවක් අලෙවි කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ මුදල සම්බන්ධයෙන් සංචාරකයා ප්‍රශ්න කිරීමත් සමග කෝපයට පත් වූ ව්‍යාපාරිකයාට බැන එම ස්ථානයෙන් සංචාරකයා එලවා දමන අයුරු අදාළ විදේශිකයාගේ සමාජ මාධ්‍ය ගිණුමක මෙසේ පල කර තිබුණා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසියේ අවධානය යොමු වූ අතර ඊට සැකපිට අමීර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවයට අද අධිකරණයට ඉදිරිපත් කළා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here