වාහන ගෙන්වන්නේ මෙහෙමයි… මිලත් ඉහලට..

0
9

ඉදිරියේදී වාහන ආනයනය කිරීමේදී මිල සුළු වශයෙන් ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප්‍රසාද් මාන්නගේ මහතා පෙන්වා දෙන්නේ අදියර කිහිපයක් යටතේ වාහන ආනයනයට රජයේ අවධානය යොමු කර ඇති බවය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දී ඇත්තේ වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ඉන් ඇතිවිය හැකි බලපෑම පිළිබඳව වාර්තාවක් නුදුරෙදිම ලබා ගන්නා බවයි.

පලමුව පොදු ප්‍රවාහන රථ දෙවනුව යතුරුපැදි හා ත්‍රීරෝද රථ ගෙන්විමටද මෙහිදී අවධානය යොමුව ඇත.

මෝටර් රථ හා සුඛෝපභෝගී වාහන ආනයනයට අවසර දෙනු ඇත්තේ ඉන් අනතුරුවය.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here