ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්‍රේල් මාසය – Sri News උණුසුම් පුවත්

0
11

ලෝක ඉතිහාසයේ උෂ්ණත්වය අධිකම අප්‍රේල් මාසය ලෙස පසුගිය අප්‍රේල් මාසය වාර්තා අතරට එක්වනවා.

පසුගිය මාස 11ක කාලයක් පුරා ලෝකයට බලපෑ වැසි රහිත කාලගුණයෙන් හා අධික උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වුණා.

ඒ හේතුවෙන් මෙලෙස අප්‍රේල් මාසය ඉතිහාසයේ උෂ්ණාධිකම අප්‍රේල් මාසය වාර්තා අතරට එක්වන බවයි යුරෝපා සංගමයේ කාලගුණ විපර්යාස නිරීක්ෂණ සේවය පෙන්වා දෙන්නේ.

2023 වසරේ ජුනි මාසයෙන් පසු සෑම මාසයකම ඊට පෙර වසරේ අදාළ මාසය හා සැසදිමේ දී උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් පැසිපික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම , මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වළක්වා ගැනීමට මේ වන තෙක් ලෝකයේ කිසිදු රටක් දැඩි උත්සහයක නිරත නොවන බව ද ඔවුන් සඳහන් කරනවා.

 

 

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here