ලොව ජයගත් අපේ රටේ සංගීත තරු – Sri News

0
13

ලංකාවට වඩා ජාත්‍යන්තරය තුළ තමන්ගේ නම ඔසවා තියාගන්න සමත් වෙච්ච කලාකරුවන් අඩු ගාණයි අපේ රටේ ඉන්නේ. හැබැයි අපි නොදන්න​ව වුණාට ලංකාවේ ඉපදිලා වෙනත් රටවල ජනප්‍රිය වෙච්ච සංගීත තරු කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මේ අය ගැන අපේ රටේ අය නම් දන්නෙවත් නෑ. මේ ලිපියෙන් එහෙම අය කීප දෙනෙක් ගැන අපි කතා කරනවා. ගොඩක් වෙලාවට මේ අය ගැන ඔයා කියවන, අහන පළවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන්.

 

“සුරංගනී, සුරංගනීට මාළු ගෙනාවා”

ඔයා අපි හැමෝම දන්න සිංදුවක්. හැබැයි මේ සිංදුවේ මුල් ගායකයා කවුද කියලා ඔයා දැනගෙන හිටියද? ඔහු නමින් ඒ. ඊ මනෝහර්. හැබැයි ඉන්දියානුවන් අතර ඔහු ජනප්‍රිය වුණේ “සිලෝන් මනෝහර්” කියලා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රැකියාවක් කරපු මනෝහර්ට වාසනාව ගෙන ආවේ අපි ඉස්සෙල්ලා කියපු සුරංගනී සින්දුව. පස්සෙ කාලෙක මනෝහර් විවිධ භාෂාවලින් මේ ගීතය ගායනා කරනවා. ගායකයෙක් වගේම නළුවෙක් විදිහට දක්ෂතා දක්වන මනෝහර්ගේ දක්ෂතා වලින් උපරිම  ප්‍රයෝජන ලබා ගන්නේ දකුණු ඉන්දීය සිනමාකරුවනුයි.

 

 

1964 පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ලාංකික පියෙකුට සහ ප්‍රංශ ජාතික මවකට දාව සිරිමා වීරතුංග ලංකාවේදී උපත ලබනවා. අවුරුදු අටේදී දෙමව්පියන් එක්ක එංගලන්තයට සංක්‍රමණය වන සිරිමා තමන්ට වයස 18 සැපිරීමත් එක්ක ප්‍රංශයේදී නව ජීවිතයක් ආරම්භ කරනවා. ප්‍රංශ ජාතික සංගීතඥයකු වන Jean-Jacques Goldmanගේ අවධානයට යොමු වීමෙන් අනතුරුව ඇය සංගීත ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඇය ගායනා කරන ගීත ප්‍රංශයේ ජනප්‍රියත්වයට පත් වෙනවා. නමුත් අවාසනාවන්ත ලෙස 1989 දී ඇය තමන්ගේ සහකරුගේ පිහිපාරක් නිසා ජීවිතයෙන් සමු ගන්නවා 

මේ ඇගේ ගීත ඇල්බමයක්.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here