ලිට්රෝ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කෙරේ – Sri News | Sri Lanka Business News

0
8

රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරමින් කඩුවෙල, මාබිම ප්‍රදේශයේ ස්ථාපිත කළ ලිට්රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (08) සිදුවිය.

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

තිරසාර සංවර්ධනය සහ පොදුජන අවශ්‍යතා ඉහළ නැංවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ලිට්රෝ සමාගම විසින් නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ගෑස් පිරවුම් මධ්‍යස්ථානය ඉදිකර ඇත.

මෙමඟින් 180,000 කින් ගෑස් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමට සහ දෛනිකව ගෑස් සිලින්ඩර් 60,000ක් නිකුත් කිරීමට සමාගම අපේක්ෂා කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here