රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් වාසි ගන්නා ලංකාවේ රැකියා ජාවාරම්කරුවෝ (වීඩියෝ)

0
11

රුසියානු හමුදාවේ ඉදිරිපෙළ ආරක්ෂක කටයුතු සඳහා මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් විදෙස්ගත කිරීමේ ජාවාරමක් දසත නිවුස් ඔස්සේ ඊයේ (04) දිනයේ වාර්තා කළා.

හමුදා සහායක සේවා ලබා දෙන බවට ව්‍යාජ තොරතුරු ලබා දී මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව ඊට හසු වී දැනට රුසියානු හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවය කරන හමුදා සාමාජිකයන් පිරිසක් දසත නිවුස් වෙත පැවසුවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු මානව හිමිකම් කොමසාරිස් මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවේ නිසි සේවා ගිවිසුමකින් තොරව කිසිඳු ලෙසකින් විදෙස්ගත නොවිය යුතු බවයි.

රුසියානු – යුක්‍රේන යුධ ගැටුම් තීව්‍ර වීමත් සමඟ මෙරට හමුදා සාමාජිකයින්ට යම් යම් වරප්‍රසාද සහිතව රුසියානු හමුදාවේ රුකියා සඳහා අවස්ථාව හිමි වුණා.

මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් විදෙස් රැකියා ජාවාරම්කරුවන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන රුසියානු හමුදාවේ පරිපාලන රැකියා සඳහා බව පවසමින් මෙරට විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයින් විදෙස් ගත කිරීමේ නීති විරෝධී ජාවාරමක්
ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස රුසියානු හමුදාවේ සහයක සේවා රැකියා බලාපොරොත්තුවෙන් ගිය හමුදා සාමාජිකයින් මේ වන විට යුද්ධයේ තියුණු සටන් පවතින ප්‍රදේශ වෙත යොදවා ඇත්තේ නිසි වැටුපක් හෝ නොමැතිවයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here