මිචිගන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් – Sri News උණුසුම් පුවත්

0
11

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මිචිගන් ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයට බලපෑ ටොනේඩෝ තුනක් හේතුවෙනුයි මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම ටොනෙඩෝ තුනෙන් හා සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව ඇති බව මිචිගන් ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා.

ටොනේඩෝවෙන් සිදුවු හානි විමර්ෂණය කිරීමට ,නැවත ගොඩනැගීමට හා පිරිසිදු කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කරනවා.

ටොනේඩෝ හේතුවෙන් නිවාස 17ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here