ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාර හා මිලදීගැනීම සඳහා බදු අය කිරීම් සිදුකිරීමට සාකච්චා කරමින් සිටින බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
දෙරණ නාලිකාවේ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
‘අපේ ඔන්ලයින් බිස්නස් අපේ ටැක්ස් එකට යටත් වෙන්නේ නෑනේ. දැන් ඔබ ඔය එක එක වගේ බඩු මිළදී ගන්නවනෙ. ඒක ටැක්ස් වෙන්නෑනෙ කොතනකවත් හරිද. එතකොට ඒක අපි බිල් එකේ පොඩි වෙනසක් කරන්න තියෙනව. ඔන්ලයින් ගනුදෙනු අපි ටැක්ස් ජාලයට ඇතුළු කරගන්නෙ කොහොමද’
Sri News Media