Google search engine
Home ගොසිප් පුවත් මන්නා රමේෂ් බිරිඳ සමඟ ඩුබායිහි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිහින්

මන්නා රමේෂ් බිරිඳ සමඟ ඩුබායිහි රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගිහින්

0
5

manna-ramesh-story

වසරකට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී ඊයේ (7දා) අලුයම දැඩි රැකවල් මධ්‍යයේ මෙරටට රැගෙන එනු ලැබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ් නමැත්තා දින 90ක රැදවුම් ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. ඔහු අත්අඩංගුවට පත්වන විට බිරිද සමග රූපලාවණ්‍ය කටයුතුවල නියැළී සිට ඇති බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇතැයි

බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි.සැකකරුගේ ගුවන් ගමන් බලපත්‍රය ,එරටින් නිකුත් කර තිබූ හැදුනුම්පත පැලද සිටි රන් රිදී භාණ්ඩ හා ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙත භාරදී ඇත.

මෙරට ආරක්ෂක අංශ සැකකරුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පනවන විට 2023 වසරේ අප්‍රේල් 15 වෙනි නීත්‍යානුකූල අයුරින් ඩුබායි රටට ගොස් තිබූ මන්නා රමේශ්ට විරුද්ධව එම තහනම නැවත පැනවීමේදී බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.33 හැවිරිදි මන්නා රමේෂ් නමැත්තා ඉෂාරා ලක්මිණී වික්‍රමසිංහ නමැති ඔහුගේ බිරිඳ සමග සාජාහි මොහායි හාට් අජිමාන් නගරයේ රූපලාවණ්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තිබූ බවත්, සැකකරු ඊට සහාය දෙමින් කටයුතු කර තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

සැකකරු සිය බිරිද සමග පදිංචිව සිට ඇත්තේ සාජාහි ඉන්ඩස්ටල් පෙදෙස දහය, ෆාස් ෆේඩ් ගොඩනැගිල්ල සාජායී පිහිටි නිවාස සංකීර්ණයක බව පොලීසිය කියයි. ඉකුත් පෙබරවාරි 27 වෙනි දින සාජාහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබූ සංවිධානාත්මක අපරාධකරු වන මන්නා රමේෂ් නමැත්තා මෙරටට පිටුවහල් කර ඇත්තේ ඩුබායි රාජ්‍යය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

අවිස්සාවේල්ල, නාපාවල, යාලගම අංක 489/1 ලිපිනයේ පදිංචිව සිටි සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් නමැත්තා 2017 වසරේ මාරිර්තු 25 මෙහි දින සිට 2021 දෙසැම්බර් 18 වෙනි දින දක්වා සෘජුවම සම්බන්ධ වී අපරාධ හතක් සිදුකර ඇති බවත්, පහරදීම ,මුදල් සහ දේපළ කොල්ලකෑම, නිවසකට අයුතු ලෙස ඇතුළුවීම මෙන්ම තියුණු ආයුධවලින් පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සහ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඔහු විසින් සිදුකර තිබූ අපරාධ අතර වන බවත් පොලීසිය කියයි.

ඊට අමතරව ගිනි අවි සහ බෝම්බ ළඟ තබා ගැනීම සැකකරුට ඇති චෝදනාය. සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ්ගේ උපදෙස් මත 2023 මැයි මස 26 වෙනි දින අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට ගිනිඅවියකින් වෙඩි තබා තුවාල සිදුකර ඇත.

එම වසරේ සැප්තැම්බර් 20වෙනි දින අවිස්සාවේල්ල තල්දුව ගුරු පස්ගොඩ වංගුවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කර ටී පනස් හය වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා මරණයට පත්කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදු කිරීම හා එම වසරේ ඔක්තෝබරි 15වෙනි දින ඉහත අධිකරණ කටයුතුවලට ප්‍රධාන සාක්ෂිකරුවකු වන අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කරන බවට දුරකථනයෙන් මරණීය තර්ජනය කරමින් සාපරාධී බිය ගැන්වීම යන චෝදනා ඔහුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here