බැසිල් රනිල් ඊයේ සාකච්ඡා කරපු දේවල් – Sri News දේශීය පුවත්

0
9

ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකත්ව පිළිබඳව සංවාදයකට අවධානය යොමුකිරීමට පෙර දැනට එක්ව සිටින කණ්ඩායම් සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් ආණ්ඩුව ඉදිරියට කරගෙන යාම වඩා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. ‍

බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ සවස පැවති සාකච්ඡාවකදීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ.

මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ පොදුජන පෙරමුණ මුල සිට ජනාධිපතිවරයා සඳහන් කළ ස්ථාවරයේ රැඳී සිටි බවයි.

ඒ තුළින් රටත් ජනතාවත් වඩාත් යහපත් තත්ත්වයකට රැගෙන යාමට හැකි බව ඒ මහතා එහිදි සදහන් කළා.

ඒ අනුව ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් කැදවනු තුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබදව විසංවාදයන්ගෙන් තොරව පවතින පොදු අභියෝග ජය ගැනීමේ අරමුණ ප්‍රමුඛ කර ගනිමින් ඉදිරියට යා යුතු බවට දෙපාර්ශයම මෙහිදි එකගවී තිබෙනවා.

මේ අතර හිටපු පළාත් පාලන නියෝජිතයින්ට ආණ්ඩුවේ පොදු කටයුතු සදහා නිල වශයෙන් සහභාගි විය හැකි වන පරිදි අවස්ථාවක් නිර්මාණය කර දීම පිළිබදව මෙහිදි ජනාධිපතිතුමන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් විමසා තිබෙනවා.

එහිදි රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ අන්සියල්ලටම පෙර ඒ පිළිබදව තමන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබු බවයි.

තවදුරටත් කල් නොදමා කඩිනමින් ඒ සම්බන්ධව ක්‍රියාකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් එහිදි ඉල්ලා තිබෙනවා.

මැතිවරණය කල් දැමීම හේතුවෙන් පළාත් පාලන මහජන නියෝජිතයින් පත්ව සිටින විවිධ අසීරුතාවයන් පිළිබදව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදි ජනාධිපතිවරයාට වැඩිදුරටත් සදහන් කළා.

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරමින් සිටින රතනහිමියන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ පාර්ශවයෙන් ජනපති අපේක්ෂකත්වය භාර ගැනීමට සුදානම් වී ඇති විජයදාස රාජපක්ෂ පිළිබදව ද මෙහිදි කරුණු සාකච්ඡා වී තිබෙනවා.

ඔහුට තවදුරටත් කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හැකි ද යන්න ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඊට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ ඒ ගැන අවසන් තීරණයක් ගැනීම තමන්ගේ රාජකාරීයක් නොවන බවයි.

නමුත් පක්ෂයක් ලෙස වැරදි පුර්වාදර්ශයන්ට ඉඩදීමට නොහැකි බව පොදුජන පෙරමුණේ පොදු තීරණයක් වන බැවින් අදාළ පුර්වාදර්ශයන් සම්බන්ධයෙන් ගතයුතු නිල ක්‍රියාමාර්ග වෙත පක්ෂය මේ වන විටත් අවතීර්ණ වී අවසන් බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here