පොලිසිය මන්නා රමේෂ්ගේ නිවස පීරයි

0
16

ඩුබායි රාජයේ දී අත්අඩංගුවට ඊයේ (07) ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ යතුරුපැදියක් සොගෙන තිබෙනවා.

අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ප්‍රදේශයේ පිහිටි මන්නා රමේෂ්ගේ නිවස පරීක්ෂා කිරීමේ දී මෙම අත්බෝම්බය සහ යතුරුපැදිය සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත් බෝම්බය නිවස තුළ වළදමා තිබිය දී සොයාගෙන ඇති අතර, යතුරුපැදිය සොයාගෙන ඇත්තේ නිවස පිටුපස සඟවා තිබියදීයි.

මේ අතර බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාරගේ අත්සනින් යුතුව ත්‍රස්තවාදය වැළැක්වීමේ 7/1 පනත යටතේ පැය 72 ක කාලයක් සැකකරු අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය පැවසුවේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here