ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් අරඹයි – Sri News | Sri Lanka Business News

0
8

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම නාගරික ජීවන රටාවේ නව පෙරළියක් ඇති කරමින් ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් කටයුතු ඇරඹුම උත්සවාකාරයෙන් පසුගියදා සිදුකළේ සිය නිවාස ව්‍යාපෘතීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

මෙහි පළමු අදියරේ නිවාස සියල්ලම පාහේ මේ වනවිට විකිණී අවසන්ව ඇති බැවින්  සමාගම විසින් එහි දෙවැනි අදියරේ විකිණුම් කටයුතු ආරම්භ කරන ලදී. මෙහි මූලික ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන්නේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන San Piling විසිනි.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව කොළඹ නගර සීමාවට යාබදව පෑලියගොඩ නගර සභා සීමාවේ  ‘The Colombo Border’ ව්‍යාපෘතිය පිහිටා තිබේ. මෙම නිවාස ව්‍යාපෘතියේ සිට කටුනායක අධිවේගී මාර්ගයට සහ කැළණිවැලි දුම්රිය මාර්ගයට මිනිත්තු ගණනකින් පිවිසීමේ පහසුකමද සහිත අතර, කොළඹ නගරයට මෙන්ම තදාසන්න ප්‍රදේශවලටද කෙටි වෙලාවකදී පිවිසීමේ පහසුකමද  සහිත හෙයින් මෙය පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පහසුකම් භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් හා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයනයක් ලෙස හැඳින්විය හැක. ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම වෙත අයත් අක්කර 6.5 ක භූමියක් පුරා පැතිරුණු ‘The Colombo Border’ ව්‍යාපෘතිය, තිරසර සංවර්ධනය පිළිබිඹු කරමින් භූමියෙන් 25% ක් පමණක් ඉදිකිරීම් සඳහා භාවිතා කරනු ලබයි. ඉතිරි 75% ක බිම් ප්‍රමාණය විවෘත අවකාශයක් ලෙස පවත්වා ගනිමින් එම කලාපයේ ඇවිදීමේ මංතීරු, ආපනශාලා, රැස්වීම් ශාලා, උත්සව ශාලා සහ පිහිනුම් තටාක වැනි පහසුකම් ඉදිකෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී සමාගමේ සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය මෙලෙස පැවසුවා ය.

“අද දිනය ප්‍රයිම් සමූහයේ අපට වගේම අපගේ 46 වැනි ව්‍යාපෘතිය වන ‘The Colombo Border’ ව්‍යාපෘතියේ ගැනුම්කරුවන්ටත් සුවිශේෂී දවසක්. කොළඹ නගරයට ආසන්නයේ ඉදිවන මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය, ප්‍රයිම් නිවාස සංකීර්ණයන්හි අන්තර්ගත සුඛෝපභෝගී ජීවන රටාවන්ට ගැළපෙන සියලු නවීන පහසුකම්වලින් සමන්විතයි. ඒ වගේම, ප්‍රයිම් සමූහය හඳුන්වා දුන් පෙරළිකාරී 1% මාසික ගෙවීම් ක්‍රමය නිසා තරුණ වෘත්තිකයන්ට සහ ආයෝජකයන්ට වඩාත් පහසුවෙන් මෙහි නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලැබේවි. මෙම ව්‍යාපෘතියේ  පළමු අදියරේ නිවාස විකිණී අවසන් වීමට ආසන්නව පවතිද්දී මෙලෙස ‘The Colombo Border’ ව්‍යාපෘතියේ  ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකිවීම සුපුරුදු පරිදිම අපගේ පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා අප තැබූ තවත් පියවරක් බව සඳහන් කරන්නේ මහත් සතුටකිනි.”

රු. මිලියන 30 සිට ඉහළට ‘The Colombo Border’ ව්‍යාපෘතියේ නිවාස මිලදීගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙන ලද පෙරළිකාරී 1% පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගැනුම්කරුවන් මෙහි ඉදිකිරීම් සිදුවන මාස 40 ක කාලය පුරාම මසකට ගෙවිය යුතු වන්නේ විකුණුම් මිලෙන් 1% ක් පමණි.

‘The Colombo Border’ ව්‍යාපෘතිය යනු ශ්‍රී ලංකාවේ නිවාස හිමියන්ට සුඛෝපභෝගී බව, පහසුව හා තිරසරත්වය සමගින් නවීනතම ජීවන අත්දැකීමක් තිළිණ කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී සමාගම විසින් ක්‍රියාවට නංවන ලද තවත් සුවිශේෂී ව්‍යාපෘතියකි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here