දුම්රිය දෙපාර්තමේන්තුවට තාවකාලික සාමාන්‍යාධිකාරිවරයෙක්

0
17

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ. ඩබ්.බණ්ඩාරගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුර සදහා තාවකාලිකව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ පත්කර තිබෙනවා.

එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තුරු මෙම තාවකාලික පත් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ විසින් සිදුකරන ලද මෙම පත්වීමට අදාළ පත්වීම් ලිපිය ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශ කාර්යාලයේ දී එස්.එස් මුදලිගේ වෙත භාරදෙනු ලැබුවා.

ඒ, අනුව ඔහු දැනට දරනු ලබන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( සැලසුම් ) තනතුරට අමතරව දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ ආවරණය කිරීම සිදු කරනු ලබනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here