Google search engine
Home ගොසිප් පුවත් තුන්රෝදේ කැන්ට­ර­යක හැපී සීයයි මුනු­බුරු දෙදෙ­නයි මරුට රියේ සිටි මව­ටයි ආච්චි­ටයි බර­ප­ත­ළයි

තුන්රෝදේ කැන්ට­ර­යක හැපී සීයයි මුනු­බුරු දෙදෙ­නයි මරුට රියේ සිටි මව­ටයි ආච්චි­ටයි බර­ප­ත­ළයි

0
13

 

elpitiya-incident

ඇල්පි­ටිය-අවි­ත්තාව ප්‍රධාන මාර්ගයේ කැට­පළ ක්‍රිස්තු දේව­ස්ථා­නය ඉදි­රි­පිට දී පෙරේදා (20) සවස ත්‍රිරෝද රථ­යක් හා කැන්ටර් රථ­යක් මුහු­ණට මුහුණ ගැටී­මෙන් එක් අයෙකු එතැ­නම මිය­ගොස් ඇති අතර දෙදෙ­නෙකු කරා­පි­ටිය රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මිය­ගොස් ඇතැයි ඇල්පි­ටිය පොලි­සිය පව­සයි.

අන­තු­රෙන් තුවාල ලැබූ තවත් තිදෙ­නෙකු ඇල්පි­ටිය මූලික රෝහලේ සහ කරා­පි­ටිය රෝහලේ ප්‍රති­කාර ලබන බව ද පොලි­සිය කියයි.

මෙම අන­තු­රෙන් මිය­ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රිය­දු­රු­වන
ඇල්පි­ටිය, වල්ල­ඹ­ගල, සුග­ත­පාල මාවතේ පදිංචි කාලිංග නිහාල් සෝම­රත්න
නැමැති 68 හැවි­රිදි තිදරු පියෙකු සහ ඔහුගේ (දිය­ණි­යගේ පුතා සහ දුව)
මුණු­බුරා වන තිනූල ප්‍රනාන්දු (10), මිණි­බි­රිය වන සෙනුලි ප්‍රනාන්දු
(07), යන දරු­වන් දෙදෙ­නායි.

ත්‍රිරෝද රථයේ ගමන් කර­මින් සිටි මිය­ගිය රියැ­දු­රුගේ බිරිඳ වන
මද්දගේ වය­ලට් ඉන්ද්‍රානී (61) ඔහුගේ දිය­ණිය වන කාලිංග ජීවනී සෝම­රත්න
(35), යන දෙදෙනා ද දැනට ගාල්ල කරා­පි­ටිය රෝහලේ ප්‍රති­කාර ලබන අතර ඔහුගේ
තවත් මිණි­බි­රි­යක වන චතුනි කවිශා ප්‍රනාන්දු (18), ඇල්පි­ටිය මූලික රෝහලේ
ප්‍රති­කාර ලබ­මින් සිටී.

අන­තු­රෙන් තුවාල ලැබූ පස් දෙනාම ඇල්පි­ටිය මූලික රෝහ­ලට ඇතු­ළත් කර
ඇති අතර ඉන් හතර දෙනෙකු බර­ප­තළ තුවාල ලබා සිටි හෙයින් වැඩි­දුර
ප්‍රති­කාර සඳහා ඔවුන් ගාල්ල කරා­පි­ටිය රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඉන්
දෙදෙ­නෙකු එහි ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී 21දා අලු­යම මිය­ගොස් ඇති බව
රෝහල් ආරංචි මාර්ග පව­සයි.

ඇල්පි­ටිය දෙස සිට අවි­ත්තාව දෙසට යමින් තිබූ ත්‍රිරෝද රථය
අවි­ත්තාව දෙස සිට ඇල්පි­ටිය දෙසට ධාව­නය වෙමින් තිබූ කැන්ටර් ලොරි රථයේ
මුහුණ්ට මුහුණ ගැටී­මෙන් මෙම අන­තුර සිදුවී ඇති බවත්, ලොරි රථය පාරෙන්
ඉව­තට පැන කණ්ඩි­ය­කට හේත්තු වී නැවතී ඇති අතර ත්‍රිරෝද රථය මීටර් විස්සක්
පමණ ඈතට විසිවී ගොස් පරෙන් ඉව­තට පැන තිබූ බවත් පොලි­සිය පව­සයි.

අන­තුර සිදු­වන අව­ස්ථාවේ ත්‍රීරෝද රථයේ රිය­දුරු සමඟ තවත් පස්
දෙනෙකු ගම­න්කර ඇති අතර ලොරි රථයේ මගීන් අට­දෙ­නෙකු ගමන් කර ඇති බවත්,
ලොරියේ ඉදි­රි­පස පස් දෙනෙකු හා පිටු­පස තුන් දෙනෙකු සිට ඇති බවත් පොලි­සිය
කියයි.

ලොරි රථයේ ගමන් කර­මින් සිටි කිසි­වෙ­කුට මෙම අන­තු­රෙන් තුවාල
සිදුවී නැත. ත්‍රිරෝද රථයේ රිය­දු­රුගේ දිය­ණිය වන තුවාල ලබා සිටින ජීවනී
සෝම­රත්න යන අය ඇල්පි­ටිය දිසා අධි­ක­ර­ණයේ සේවය කරන අයෙකු බවද දැන­ග­න්නට
තිබේ. සිද්ධි­යට සම්බන්ධ ලොරි රථයේ රිය­දුරු සිද්ධි­යෙන් පසුව පලා­ගොස් සිට
පසුව පොලි­සි­යට භාරවූ බවද පොලි­සිය පව­සයි.

ඇල්පි­ටිය මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනුර විජේ­සිංහ
මහ­තාගේ උප­දෙස් මත ඇල්පි­ටිය පොලි­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීන්
වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

මිය­ගොස් සිටින කාලිංග නිහාල් සෝම­රත්න මහ­තාගේ මළ­සි­රුර ඇල්පි­ටිය
මූලික රෝහල් මෘත­ශ­රී­රා­ගා­රයේ තැන්පත් කර ඇති අතර ඒ සම්බන්ධ හදිසි මරණ
පරී­ක්ෂ­ණය හදිසි මරණ පරී­ක්ෂක සාම­වි­නි­සුරු ආර්. ගාමිණි ඩයස් මහතා
විසින් 21දා ඇල්පි­ටිය මූලික රෝහ­ලේදී සිදු­කි­රී­මට නිය­මි­තව තිබිණි.

(ඇල්පි­ටිය චන්ද්‍ර­සිරි ගුණ­සේ­කර, කර­න්දෙ­නිය අනු­රාධ ප්‍රිය­ද­ර්ශන, ඇල්පිටිය – විජේසිංහ)

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here