කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වේලාව නියමිත පරිදි සකස් කරන්න නියෝගයක් – Sri News දේශීය පුවත්

0
16

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ වේලාව නියමිත පරිදි සකස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහි ප්‍රධාන රෙජිස්ටාර්වරයාට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිලධාරීන් සේවයට වාර්තා කිරීම සදහා භාවිත කරන ඇගිලි සලකුණු යන්ත්‍රයේ වේලාව පැය භාගයක් ආපස්සට සකස් කර තිබු බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩභාර ගැනීමට තිළිණ ගමගේ මහතා පෙරවරු 8 වන විට පැමිණිය ද නිලධාරීන් බොහෝමයක් සේවයට වාර්තා කර ඇත්තේ පෙරවරු 9 පසු වී බව නිරීක්ෂණයවීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබද සොයා බලා ඇති බවයි වාර්තා වන්නේ.

අධිකරණය වෙත නිලධාරීන් රැසක් වාර්තා කර ඇත්තේ පෙරවරු 9.30ට වුව ද ඇගිලි සලකුණු යන්ත්‍රයේ පෙරවරු 9 ලෙස සටහන් වී ඇති බව එහිදි ඔහුට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වේලාව නිවැරදි කරන ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here