කාසල්රි, මවුස්සාකැලේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහලට…

0
11

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

පවතින අධික වියළි කාලගුණයත් සමග (04) දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44 කින් පහල බැස ඇති අතර , මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49 කින් පහල බැස ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.

ජලාශයන්හි ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බැසිම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදි කිරිමේදි ජලයට යට වු පැරණි මස්කෙලිය නගරයේ පන්සල , හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතු වි ඇත.

– රංජිත් රාජපක්ෂ

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here