කරඳගොල්ල නාය යෑමට උමා ඔය ව්‍යාපෘතියේ සම්බන්ධයක් නැහැ – මහාචාර්ය අතුල සේනාරත්න

0
20

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ ඇති වූ නාය යෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ඇති වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

පසුගිය දා එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරත භූ විද්‍යාඥන් සිදුකළ පරීක්ෂණවල දී මේ බව අනාවරණය කරගෙන ඇති බවයි මහාචාර්යවරයා පැවසුවේ.

ඒ, අනුව ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධික වර්ෂාවත් සමඟ සිදුවන නායයෑම් හා සමාන නායයාමක් මෙම ප්‍රදේශයේත් මෙලෙස සිදුව ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා, 2019 වර්ෂයේ දීත් එම ස්ථානයේ මේ ආකාරයෙන් නාය යෑමක් සිදුව ඇති බවට වාර්තා වී ඇති බව ද පැවසුවා.

ඒ, අනුව මෙවරත් එවැනිම වූ නාය යෑමක් බවත් මෙම නාය යෑම උමා ඔය උමඟ හා සම්බන්ධ නාය යෑමක් නොවන බවයි මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here