කටිල්ලෝ සුප් ⋆ ධරණී

0
14

අවශ්‍ය ද්‍රව්‍ය

කටිල්ලෝ 250g

ලූනු 100g

සැල්දිරි දඬු 100g

පරිප්පු 100g

කැරට් 50g

අර්තාපල් 50g

ලීක්ස් (සුදු) 50g

සුදුලූනු 50g

මාගරින් 20g

අමු ඉඟුරු 5g

වතුර 4L

දෙහි ගෙඩියක යුෂ

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා මාගරින් දමා රත්කර රතු ලූනු දමා තරමක් බැදගන්න.

එයට සුද්ද කරගත් කටිල්ලන් මාළු දමා වතුර එක්කොට පැයක් පමණ තැම්බෙන්නට හරින්න.

දැන් මාළු හොඳට පොඩි කර පෙරා කටු ඉවත් කරගන්න.

ලිප තබා උතුරන විට මතුවන පෙණ අස්කර කැරට්, සැල්දිරි, පරිප්පු, පොඩියට කැපූ අල, සුදුලූනු, ඉඟුරු දමා පැයක් පමණ තම්බන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here