එළවළු පලතුරු මිළ ගණන් තවදුරටත් පහළ අගයක….

0
18

වසර අවසන් වන තෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවධානමක් නොමැති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

සෑම වර්ෂයකම මහ කන්නයේ හා යල කන්නයේ වගා කරනු ලබන එළවළු සහ පලතුරු අස්වැන්න අප්‍රේල් මාසය අවසන් වනවිට අවසන් වෙයි .

ඒ හේතුවෙන් මැයි සහ ජුනි ,ජූලි මාස වල එළවළු මිල ඉහළ යාමක් සිදු නොවන බව එම ආයතනය පවසයි.

එහෙත් මෙවර මහ කන්නයේදී අධික වර්ෂාව නිසා එළවළු වගාව ප්‍රමාද වී ආරම්භ කිරීම හේතුවෙන් වර්ෂාවෙන් විනාශ වූ එළවළු නැවත වගාකිරීම ආරම්භ කෙරිණි.

මෙම අස්වනු සියල්ල එකවර වෙලද පොළට පැමිණීම නිසා එළවළු මිළ වෙළඳ පොළේ පහළ ගිය බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්‍යේශන හා පුහුණු ආයතනය පවසයි.

එමෙන්ම හිඟයකින් තොරව එළවළු වෙළඳ පොළට පැමිණෙයි.

යම් හෙයකින් මෙම මාසයේ අවසන් සති 02 තුල දැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් ජූනි මාසය දක්වා එළවළු මිල ගණන් වල යම් වැඩිවීමක් සිදුවිය හැකිය.

කාලගුණික වශයෙන් ඉදිරියේදි දැඩි බලපෑමක් සිදුනොවුනහොත් මෙම වසර අවසන් වනතෙක් එළවළු මිළ ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ නොයනු ඇතිබව පැවසීය.

මේ අතර ජනතාවගෙන් 90%ක් පරිභෝජනය කරන නාඩු සහල් මිළ ගණන් ඉදිරි මාස 03 තුළත් නොවෙනස්ව පවතිනු ඇතිබව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

එහෙත් කීරි සම්බා සහල් මිල ගණන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යාමක් සිදුවිය හැකිය. මෙවර බඩ ඉරිගු අස්වැන්න ඉහළගොස් තිබේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here