උසින් අඩුද..? විලාසිතා තෝරා ගන්න කලින් මේ ගැනත් හිතන්න – Sri News

0
4

“කොට කෙල්ලක්” ලංකාවේ ගැහැණු ළමයි බහුතරය අයිති මේ කාණ්ඩයට. ෆේස්බුක් එක පුරා “කොට කෙල්ලෝ ස්වීට්” වගේ කතන්දර පැතිරෙන්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත් කොට කෙල්ලෝ ස්වීට් විතරක් නෙවෙයි, ස්මාට් විය යුතුයි. මේ ශොපින් සීසන් එකේ ඇඳුම් සහ විලාසිතා තෝරනකොට ඔබ මෙන්න මේ දේවල් ගැනත් හිතන්න.

1. සිරස් ඉරි සහිත ඇඳුම් තෝරාගන්න. තිරස් සහිත ඇඳුම් මගින් සිදුවෙන්නේ ඔබේ ශරීරයේ පෙනුම මදක් මහත් කර පෙන්වීමයි. ඒත් ඔබ උසින් අඩු කෙනෙක් නම් හරස් ඉරි ඇඳුම් ඔබව තවත් මිටි කර පෙන්නනවා. සිරස් ඉරි ඇඳුම් ඔබේ පෙනුමට අමතර උසක් එකතු කරන්න සමත් වෙනවා.

2. පළල් කකුල් සහිත දිගු කලිසම් තෝරාගන්න එපා. එහි විහිදුණු ස්වභාවය නිසා ඔබව පෙනෙන්නේ කුඩාවට.

3. වඩා දිගු ස්කර්ට් තෝරාගැනීමත් සුදුසු නැහැ. එහෙම දිග ස්කර්ට් අඳිනවා නම් ස්කර්ට් එකේ පාටින්ම පාවහන් යුවලක් පළඳින්න.

4. දිග ගවුම් සහ විශාල මෝස්තර ඇති ගවුම් වෙනුවට තරමක කෙටි ගවුම් සහ කුඩා මල් ඇති ගවුම් තෝරා ගන්න.

5. ඒ වගේම ඔබට උස පෙනුමක් ගන්න මේ ට්‍රික් එකත් අපූරුයි. ජීන්ස් එකක් සහ ටොප් එකක් හෝ කුර්තා එකක් අඳින විට සමාන වර්ණ තෝරා ගන්න. එය ඔබව උසට පෙන්වන හේතුවක්.

6. ඉතා විශාල ගමන් මලු, මහත වැඩි හෑන්ඩ් බෑග්, දිගු පටි සහිත බෑග් ඔබට ගැලපෙන්නේ නැහැ. සිහින් පටියක් සහිත කුඩා බෑගයක් හෝ පිටේ එල්ලාගෙන යන බෑගයක් තමයි ඔබට වඩා හොඳින් ගැලපෙන්නේ.

7. ඕනෑවට වඩා උස හීල්ස් තෝරා ගත යුතු නැහැ. එහෙත් අඳුරු වර්ණ වල පාවහන් තෝරා ගන්න.

8. උසින් අඩු යුවතියන්ට ඇත්තේ කෙටි ගෙලක්. දිගු පෙන්ඩන්ට් එකක් සහිත මාල තෝරාගෙන පළදින්න. දිගු කරාබු තෝරා ගන්න එපා. මධ්‍යම හෝ කුඩා කරාබු විලාසිතා තෝරා ගන්න.

9. උසින් අඩු යුවතියන්ට කෙටි කොණ්ඩයක් තිබීම වඩා සුදුසුයි. ලේයර් කර කොණ්ඩය කපාගන්න. තරමක් දිග කොණ්ඩයක් තිබෙනවා නම් එය හිසේ මුදුනට කර දමන්න. බන් වර්ගයේ කොණ්ඩා මෝස්තරය හිස මුදුනෙන් දැමීමත් සුදුසුයි.

උසින් අඩු යුවතියන් හුරුබුහුටි පෙනුමක් ඇති අය. ඒ නිසා හැම වෙලාවකම ඔබේ ඒ පෙනුම ආරක්ෂා වෙන විලාසිතා කරන්නට අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here