ආන්දෝලනාත්මක චරිත රඟපෑ අපේ රටේ නළු නිළියෝ – Sri News

0
9

නළු නිළියෝ කියන්නේ ඉතින් කොහොමත් ආන්දෝලනාත්මක චරිත. හැබැයි අද වෙනකොට නම් බොහෝ ආන්දෝලන මතුව එන්නේ ඔවුන්ගේ රඟපෑම නිසා නම් නෙමෙයි, ඒ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය නිසා. මේ නිසා අපි අද හිතුවා තමන් රඟපාපු චරිත නිසා රට තුළ ආන්දෝලනයක් ඇති කරන්න සමත් වෙච්ච අපේ රටේ නළු නිළියන් කිහිපදෙනෙක් ගැන කතා කරන්න.

 

රුක්මණී දේවිය කියන්නේ අපේ රටේ නිළි රැජන. අපේ රටේ පරම්පරා භේදයකින් තොරව සෑම දෙනාගේම ගෞරවාදරයට ලක් වන තැනැත්තියක් ඇය. නමුත් 1960 වර්ෂයේ දී ඇය රඟපෑ චිත්‍රපටයක් නිසා ලංකාව තුළ සුවිශේෂී ආන්දෝලනයක් ඇති වුණා. ඒ ඇය ජීන්ස් කලිසම් ඇඳ සමාජ ශාලාවක නාට්‍ය අංගනාවක් ලෙස චරිත නිරූපණය කළ “නළඟන” චිත්‍රපටය නිසායි. බොහෝ දෙනා ඊට තමන්ගේ විරෝධය පළ කළා. ඒ අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද වුණා. ප්‍රතිඵලය වුණේ නළගන චිත්‍රපටය තහනමට ලක් වීමයි. නමුත් එවකට සංස්කෘතික ඇමැතිවරයා වුණු බර්නාඩ් අලුවිහාරේ මහතා චිත්‍රපටය නරඹා චිත්‍රපටයේ එක් දර්ශනයක් පමණක් ඉවත් කර ප්‍රදර්ශනයට නිකුත් කරන ලෙස නියම කරනු ලැබුවා.

 

අජිත් ජිනදාස සිනමා නළුවෙක් විදිහට සුවිශාල ජනප්‍රසාදයක් ලබා ගන්නේ ගැහැනු ළමයි චිත්‍රපටයේ නිමල් හතුරුසිංහගේ චරිතය රඟපෑම නිසා. ඊට පෙර මඩොල් දූව චිත්‍රපටයේ උපාලි ගිනිවැල්ල ගේ චරිතය රඟපෑම නිසා ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන තිබුණා. නමුත් 1982 වර්ෂයේදී ඔහු පෙරළිකාර චිත්‍රපටයකට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ඒ සම ලිංගික සේවනයට අදා​ළ තිර පිටපතක් සහිතව ප්‍රදර්ශනය වුණු ‘මලට නොඑන බඹරු’ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය ලබාදීම මගින්. මෙම චිත්‍රපටය විචාරකයන්ගේ ප්‍රසාදයට ලක් වුණත් සාමාන්‍ය ජනතාව අතර එම චිත්‍රපටය යම් ආන්දෝලනයක් ඇති කළා.

 

අද වෙනකොට සිංහල සිනමාවේ ආදරණීය මිත්තනිය බවට පත් වෙලා තියෙන්නෙ අයිරාංගනී සේරසිංහ මහත්මිය. ඇය තමන්ගේ සිනමා ජීවිතය ආරම්භයේ පටන්ම  මවගේ චරිතය සාර්ථකව නිරූපණය කරනු ලැබුවා. මේ නිසාම තමන්ට හැමදාම ලැබුණේ මවගේ චරිතය කියලත් අයිරාංගනී සේරසිංහ මහත්මිය පවසා තියෙනවා. නමුත් කිනිහිරියා මල් චිත්‍රපටයේ ඇය ගණිකා නිවාසයක් පාලනය කරන තැනැත්තිය​කගේ චරිතයක් රඟපෑවා. පසුව ඇය ප්‍රකාශ කළේ කළේ ඇතැම්  ප්‍රේක්ෂකයන් ඇයට ලිපි මඟිනුත් තමන්ගේ විරෝධය පළකර බවක්.

 

අනෝමා ජනාදරී කියන්නේ කාලෙන් කාලෙට අපේ රටේ පුවත් මවන නිළියක්.”තනි තටුවෙන් පියාඹන්න” චිත්‍රපටයේ දී ඇය සම්පූර්ණයෙන්ම නිරුවත්ව ඇවිද යාමේ දර්ශනයකට පෙනී සිටියා. චිත්‍රපටය  අධ්‍යක්ෂණය කරනු ලැබුවේ එව​ක ඇගේ සැමියා වන අශෝක හඳගම වීම තවත් විශේෂත්වයක් වුණා. නමුත් පසු කාලයකදී ඇය ඒ එම දර්ශනය තමන්ගේ කැමැත්තට වඩා තමන්ගේ සැමියාගේ වුවමනාව නිසා රඟපෑ දර්ශනයක් බවට ප්‍රකාශ කරනු ලැබුවා. මෑතක දී ඇය තවත් ආන්දෝලනාත්මක චරිතයක් රඟපෑවා. ඒ දැවෙන විහගුන් චිත්‍රපටය සඳහා. නමුත් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා සමග ගැටුමක් ඇති කර ගත් ඇය ප්‍රකාශ කළේ තමන් රඟපෑ ඇතැම් දර්ශන ඉන් ඉවත් කර ඇති බවත් ඒ නිසා තමන්ගේ චරිත නිරූපණයට අසාධාරණයක් වුනු බවත්. එම චිත්‍රපටය වෙනුවෙන් ඇය දේශීයව හා විදේශීයව සම්මානයට පාත්‍ර වුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here