අත්බෝම්බයක් අතැතිව දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට – Sri News දේශීය පුවත්

0
4

අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයෙකුගෙන් එම දරුවන් මුදා ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

ඒ හංවැල්ල, ජල්තර ඇඹුල්ගමුව ප්‍රදේශයේදීයි.

සිය බිරිද සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙනුයි සැකකරු අත්බෝම්බයක් අතැතිව දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ. ඒ බව සැලවූ වහාම විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා  උපක්‍රම කණ්ඩායම හා බෝම්බ නිෂ්ක්‍රිය කණ්ඩායම් එම ස්ථානයට ගොස් දරුවන් ආරක්ෂිතව මුද ගත්තා.

සැකකරු ද ජිව අත්බෝම්බය සමගින් ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිසියට භාර දී තිබෙනවා. හංවැල්ල පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වනවා.

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here