කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අධිකරණ කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
ඒ, අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ තම සොහොයුරෙකු බැවින් එම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස දන්වමිනි.
අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධ මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙන අතර, එය විනිශ්චය කිරීම තමා ඉදිරියේ සිදු කිරීමට හැකියාවක් නොමැති බව තිළිණ ගමගේ මහතා පවසා ඇත.
ඒ අනුව ඔහු ඉල්ලා තිබෙන්නේ , අදාළ නඩුව විභාග කිරීම සඳහා සුදුසු මහේස්ත්‍රාත්වරයෙකු පත්කරන ලෙසයි.
පසුගිය 27වනදා රුපියල් මිලියන නවයක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනුණේ, කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි.
Sri News Media