(VIDEO) දමිළ දේශපාලන සිරකරුවන් ගැන ජනපති ගන්න යන තීරණය, හොරු අල්ලන්න අලුත් පාරකින් එන රංජන්, සමඟ මැතිවරණ උණුසුම..

0
33


,

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ජාතික ජන බලවේගය වව්නියාවේ ඊයේ (10) සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, රජය පවරාගෙන ඇති උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් යළි පවරාදීම පිළිබඳවද සැලකිල්ලට භාජනය කර ඇති බවය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් හා ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

වෙළෙඳපොළේ පවතින ඇතැම් සහල් වර්ගවල හිඟය සහ අධික මිල හේතුවෙන් මේ වනවිට සහල් අලෙවිය 50%කින් පමණ පහළ වැටී ඇති බව මරදගහමුල සහල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here