(VIDEO) කෙහෙළියගේ මුදල් ගන්න දරුවන් බැංකුවට?ඡන්දෙන් දිනන්නේ මෙහෙමයි, බලයට එන්න පොරකන අයට මේ පාර මොනව වෙයිද.?

0
27


හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් පසුගිය සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවලට අදාළව කෙහෙළිය ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් 06 දෙනෙකුට හිමි ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු රැසක ගනුදෙනු අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබිණි.කෙසේවෙතත් එම විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්හැරුණු රුපියල් මිලියන 50 ක තැන්පතුවක් අද (නොවැම්බර් 09) දිනයේදී ආපසු ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටින බව වාර්තා වේ.

මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබේ.ඊයේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මෙම අනතුර සිදුවී ඇත.මේ වනවිට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කළ දේශපාලන වෙනස සිදුකිරීම සඳහා ජනතාවට අවශ්‍ය තෝරාගැනීම කිරීමට සර්වජන බලය අවස්ථාව උදාකර දී ඇති බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ අද (09) පෙරවරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් ජනහමුව අමතමින් දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරුවන් අද (09) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.

මෙරටට ලැබුණු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඉපයීම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.වසරේ මුල් මාස 10 තුළ පමණක් මෙරටට ලැබී ඇති සමස්ත විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 5431 ක්.පසුගිය වසරට සාපේක්ෂව විදේශ ප්‍රේෂණවල ඉහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.වසරේ ඔක්තෝබර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකා ඩොලර් මිලියන 587යි  දශම 07 ක්.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here