Peter Brewer ඇතුළු පිරිසක් ලබන සතියේ දිවයිනට!

0
24


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්ථීරණ ණය අරමුදල් පහසුකම යටතේ තුන්වන සමාලෝචනය සිදු කිරීමට නියමිතව තිබෙන අතර, අදාළව ඇමෙරිකාවේදී පැවති සාකච්ඡාවල තවත් පියවරක් ලෙස මෙම හමුව සිදුවන බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවට මෙම සමාලෝචනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීළග ණය වාරිකය ලබාදීම සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here