NPP බලයට ගේන්න ඡන්දය දුන්න රාජ්‍ය සේවකයින්ව දැන් අමතක කරලා – නිමල් ලාන්සා

0
20


රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න කමිටු වාර්තාව මගින් කළ නිර්දේශ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගන්නේද යන්න රාජ්‍ය සේවකයින්ට පැවසිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා 2025 වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට වැඩි කිරීමට තීරණය කළ වැටුප් හා දීමනා වැඩි කරන ලෙසත් එය මඟ නොහරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඉල්ලා සිටියි.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(29) දින මීගමුව, වැල්ලවීදිය පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

” ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පත් වෙන්න කලින් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි, වැටුප් විෂමතා ඉවත් කරන්න, ජීවන වියදමට සරිලන පරිදි වැටුප් වැඩි කරන්න ඕනේ කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති විශාල ලෙස උද්ඝෝෂණය කළා. රට වැටිලා තිබුණු වෙලාවේ තමා ඒ උද්ඝෝෂණ සිදු කලේ. රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ස්ථාවර කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රුපියල් දහදාකින් වැටුප් වැඩි කළා. ඒ පඩි වැඩිවීත් මදි, අවමය විසිපන්දාහක පඩි වැඩිවීමක් අවශ්‍යයි කියලා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති දිගින් දිගටම කියා සිටියා. වැටුණු ආර්ථිකය ගොඩනගමින් සිටින වෙලාවක රාජ්‍ය සේවකයින් යොදාගෙන රටපුරා උද්ඝෝෂණ, වැඩවර්ජන සිදු කරලා රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති කටයුතු කළා.
ලැබෙන පඩියෙන් රාජ්‍ය සේවකයින්ට ජීවත් වෙන්න බැහැ කියලා කරුණු කීවට පස්සේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් ජාතික ජන බලවේගයට ජන්දය දුන්නා.

රාජ්‍ය සේවකයින්ගෙන් පැමිණි උද්ඝෝෂණ හා වැඩවර්ජන නිසා ඔවුන්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීමට උදය සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුක් පත් කළා. ඒ සඳහා විශේෂ දැනුමක් හා ඒ පිළිබඳව කටයුතු කරන ආයතනවල සහයෝගය ඇතිව එම කමිටුව පත් කළා. ඒ කමිටුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා දීමනා වැඩි කිරීම ගැන සොයා බැලුවා.

ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රධාන වෘත්තිය සමිති 91 ක් ඒ කමිටුව කරුණු වාර්තා කළ. ඒ අය කීවේ අපිට ලැබෙන පඩිය මදි. ජීවත් වෙන්න විදියක් නැහැ. පඩි වැඩි කරන්න කියලා. උදය සෙනවිරත්න කමිටුව තීරණය කළා අවමය 25,000 කින් පඩි වැඩි කරන්න. එහෙම නැතිනම් අවමය සියයට 24 කින් පඩි වැඩි කරන්න. මූලික වැටුප අවමය 55,000 දක්වා වැඩි කරන්න ඕනේ කියලා. මේ යෝජනා දෙකම ක්‍රියාත්මක කරන්න යෝජනා වූනේ ජනතා විමුක්ති පෙරමුණ හා වෘත්තිය සමිති මීට වඩා පඩි වැඩිවීමක් ඉල්ලලා තිබුණු අවස්ථාවක.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here