NMRA අධ්‍යක්ෂ ධූරයෙන් මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි

0
10

නීතිඥ මනෝජ් ගමගේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ වෙත යොමුකර ඇත.

ඔහුට අමතවර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකු අද (පෙබ. 13) දිනයේ ධූරවලින් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

නීතිඥ මනෝජ් ගමගේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර ඇත්තේ අද දින සිට තමන් එම ධූරයෙන් ඉල්ලා අස්වන බව ය.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේදී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවත් එම ලිපියේ සඳහන් කර ඇත.

අදාළ ලිපිය පහතින් දැක්වේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here