Marshmallows

0
11

අවශ්‍ය ද්‍රව්‍ය

  • ජෙලටින් ග්‍රෑම් 30
  • සීනි ග්‍රෑම් 250
  • උණු වතුර මිලිලීටර් 120
  • වැනිලා එසන්ස් බිංදු කිහිපයක්
  • වතුර මිලි ලීටර් 120
  • රෝස පාට කලරින්
  • කොන් පිටි

සාදාගන්නා ආකාරය

භාජනයක් ගෙන එයට උණුවතුර සහ ජෙලටින් දමා විනාඩි 10 ක් පමණ කලවම් කර පසෙකින් තබන්න. රත්වූ පෑන් එකකට සීනි සහ වතුර එකතුකර වැඩි ගින්දරේ රත් කර කලවම් කර ඝන මිශ්‍රණයක් එනවිට ජෙලටින් මිශ්‍රණය දමා ගින්දර අඩු කර විනාඩි 2 ක් පමණ කවලම් කර භාජනයකට දමා පසෙකින් තබන්න. එය ඝණ මිශ්‍රණයක් එනතෙක් විනාඩි පහක් පමණ බීට් කර එයට වැනිලා එකතුකර නැවත විනාඩි 2 ක් පමණ බීට් කරන්න.

දැන් ප්ලාස්ටික් තැටියක් ගෙන එහි තෙල් ස්වල්පයක් තවරා සාදාගත් මෂ්ලෝ මිශ්‍රණයෙන් බාගයක් එයට දමාගන්න. දැන් ඉතුරු බාගෙට රෝස පාට කලරින් දමා බීට් කර කලින් බදුනට උඩින් අතුරා spachula එකකින් සමතලා කරගන්න. දැන් එය වසා පැය 4 ක් පමණ තබා පැය 4 න් පසු එයට උඩින් කොන් පිටි ස්වල්පයක් දමා මේසයටත් කොන් පිටි ස්වල්පයක් දමා මාෂ්මෙලෝ එක එය උඩින් තබා හොඳන් වටේට කොන් පිටි තවරා අවශ්‍ය ලෙස කැලි කපාගන්න.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here