IUC තියෙන රට මොචරියටද සාමාන්‍ය වාට්ටුවටද කියල 14 තීරණය වෙයි!

0
46


ජාතික ජනබලවේගය පක්ෂය බලය ලබාගැනීම වෙනුවෙන් ලබාදුන් පොරොන්දු කිසිවක් බලය ලැබීමෙන් පසුව ඉටුකිරීමට අසමත්ව ඇති බව ඉතාම කෙටි කාලයක් තුළ තහවුරු කරමින් සිටින බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

වැටුණු රට ගොඩගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ තවත් වසර කිහිපයක් සඳහා මේ රටට අවශ්‍ය බවට තමන් දැරූ ස්ථාවරය නිවැරැදි බව වත්මන් ආණ්ඩුවේ භාවිතය විසින් ඔප්පු කර ඇති බවද ඔහු කියාසිටියි.

”2022 වසර වන විට මේ රට තිබුණේ ෆාමසියට ගියත් බෙහෙත් නැති, උපයපු දෙයින් දරුවට කිරිපිටි පැකට් එකක් ගන්න ගියත් ඒකත් නැති පසුබිමක. එහෙම තිබුණු රටක් තමයි අපේ ආණ්ඩුව නිවැරැදි විදිහට කළමනාකරණය කරලා 2024 වසර වන විට මේ තැනට උස්සලා තැබුවේ. ඔබතුමන්ලා අමතක කරන්න එපා, මේ රට ආයෙත් වැටුණොත් ඉතාම බරපතල තත්ත්වයක් ඇති වෙනවා . සාමාන්‍යයෙන් රටක් ගත්විට ඒ රටේ 12% කවත් ව්‍යවසායකයන් සිටිය යුතුයි . නමුත් මේ රටේ කර්මාන්ත කරන එවැනි ව්‍යවසායකයන් ඉන්නේ 3% ක් වගේ ප්‍රමාණයක්. මේ රටේ නැවත අර්බුදයක් ආවොත්, ඒ 3%ක් ඉන්න ව්‍යවසායකයන් මේ රට දාලා ගියොත් මොකද වෙන්නේ ? තරුණ තරුණියන් ට රැකියා නැති වෙනවා. ජීවත් වෙන්න විදිහක් නැති වෙනවා.

ඒ නිසා තමයි අපි කියන්නේ ආයෙත් මේ රටේ ආර්ථික අර්බුදයක් ඇති නොවන තැනට රට ගෙනයා යුතුයි කියලා . ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ අපි මේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඒ සඳහා යි. නොවැම්බර් 14 වනදා ජන්දය අරගෙන පාර්ලිමේන්තු ගිහින් ඔළුගෙඩි සෙල්ලම් දාලා හෝ කකුල් මාට්ටු දාලා අනුර දිසානායක ගේ ආණ්ඩුව වට්ටන තැනක, ඒ විදිහට බලය ගන්න තැනක අපි නෑ. ජන්දයට කලින් අනුර දිසානායක මහතා කොච්චර නම් පොරොන්දු ජනතාවට දුන්නද? අඩු ආදායම් පවුලකට මාසයකට රුපියල් 25000ක දීමනාවක් දෙනවා කිව්වා. රාජ්‍ය සේවක වැටුප මාස 6න් හයට වැඩි කරනවා කිව්වා. ඒ නිසා ඒ කියපුවා ඒ විදිහට කරනවාද කියලා මේ රටේ ජනතාව තේරුම් ගන්නත් එක්ක අඅනුර දිසානායක ගේ ආණ්ඩුව තවත් මාස 6ක් , අවුරුද්දක් එකහමාරක් කරගෙන යන්න දිය යුතුයි.

නමුත් ඔවුන්ට කරගන්න බැරි වුණොත්, ආයෙත් මේ රට ආර්ථික වශයෙන් වැවැටෙන්න ගත්තොත් එහිදී වැටෙන රට ගොඩගන්න සමත් ගෞරවනීය විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ඒ සඳහා තමයි අපි ඔබතුමන්ලා ගේ සහයෝගය ශක්තිය මේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම ට එකතු කරන්න කියලා ඉල්ලන්නේ.” යනුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

ඔහු මෙම අදහස් පළකළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here