HUTCH සහ Nations Trust බැංකුව සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් ජාලය පරිවර්තනය කිරීම සඳහා උපාය මාර්ගිකව සන්ධානගත වේ

0
17


ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන HUTCH සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. HUTCH අලෙවි නියෝජිත ජාලය සවිබල ගැන්වීම සඳහා ඔවුන්ට මූල්‍ය පහසුකම් සැපයීම මෙහි අරමුණ වන අතර, මෙය මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් අංශයේ සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත.  

පාරිභෝගිකයන් අතර පවතින ඉල්ලුම සපුරාලීමට හැකිවන පරිදි විකිණුම් කටයුතු පුළුල් කිරීම සඳහා HUTCH නියෝජිතයන් වෙත මේ ආකාරයට මූල්‍ය පහසුකම් පිරිනැමීමට පියවර ගෙන තිබේ. මෙමගින් ඔවුන්ට කාර්යක්ෂම ලෙස තම මුදල් ප්‍රවාහය කළමනාකරණය කරගනිමින් වඩාත් විධිමත් ලෙස විකිණුම් කටයුතු සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

“නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය තවත් එක් එකඟතාවක් පමණක් නොවේ. එය HUTCH මෙහෙයුම්වල අතිශය වැදගත් කණ්ඩායමක් වන අලෙවි නියෝජිත ජාලයේ යහපත උදෙසා ගත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.”  HUTCH ප්‍රධාන මූල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු මහතා පැවසී ය.

“මෙය HUTCH සමාගමටත් එහි අලෙවි නියෝජිතයන්ටත් බෙහෙවින් වාසිදායක පියවරක් වේවි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිරිනමන මූල්‍ය සේවාවන්, HUTCH අලෙවි නියෝජිත ජාලය ශක්තිමත් කිරීමට මෙන්ම ඔවුන්ගේ වෙළඳපොළ සැලකිය යුතු මට්ටමකට වර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි කියා මා සිතනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක උප සභාපති (ආයතනික බැංකුකරණ) සෙනාල් සෙනෙවිරත්න මහතා පැවසී ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට භෞතික සහ ඩිජිටල් නාලිකා ඔස්සේ පාරිභෝගික, වාණිජ සහ ආයතනික යන කාණ්ඩ සඳහා පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් පිරිනමයි. විශේෂයෙන්ම නවීනතම ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පුරෝගාමී පියවර රැසක් ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

HUTCH Sri Lanka යනු Fortune Global 500 සමාගමක් වන CK Hutchison Holdings Limited හි සාමාජික සමාගමකි. CK Hutchison Holdings හි දුරකථන සන්නිවේදන අංශය මේ වනවිට යුරෝපය, ආසියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු කලාපවල රටවල් 11 ක ක්‍රියාත්මක වන අතර, එහි ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 175 කට අධික ය. තාක්ෂණයේ සහ නවෝත්පාදනයේ දියුණුව වෙනුවෙන් කැපවෙමින් එම සමාගම මේ වනවිට රටවල් 7 ක 5G සේවාවන් ආරම්භ කර තිබේ.

 

ඡායාරූපය (වමේ සිට): නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ විධායක උප සභාපති (වාණිජ බැංකුකරණ) අරෝෂ ලියනාරච්චි, විධායක උප සභාපති (ආයතනික බැංකුකරණ) සෙනාල් සෙනෙවිරත්න, HUTCH Sri Lanka සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සැලසුම්කරණ) ශකිල විජේසිංහ යන මහත්වරුන්

The post HUTCH සහ Nations Trust බැංකුව සන්නිවේදන ක්ෂේත්‍රයේ බෙදාහැරීම් ජාලය පරිවර්තනය කිරීම සඳහා උපාය මාර්ගිකව සන්ධානගත වේ appeared first on Sri News | Sri Lanka Business News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here