how to respect women

0
3

මාර්තු 8 වෙනිදාට යෙදෙනවා එක විශේෂ දිනයක්. ඒ තමයි ලෝක කාන්තා දිනය. ලෝකයට ජීවය දෙන, ලෝකය හැඩ කරන කාන්තාවන්ව සමරන්න යොදාගන්න මේ දිනයේදී අපි හිතුවා පිරිමි ඔබට උපදෙස් කීපයක් දෙන්න. ඒ තමයි කාන්තාවන්ව පහත් කොට නොසලකන, කාන්තාවන්ට නිසි ගෞරවය දෙන පිරිමියෙක් වෙන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න​ට. මේ දේවල් ඔබ දැනටමත් කරනවානම් ඔබ කාන්තාවන්ට ගරු කරන පිරිමියෙක් කියලා ඔබටම ආඩම්බර වෙන්න පුළුවන්. 

 

කෑල්ල, “පට්ට කඳවගේ නොයෙකුත් ලිංගික යෙදුම් වලින් කාන්තාවන්ව අමතන පිරිමි අපිට දකින්න ලැබෙනවා. පිරිමියෙක් තමන්ගේ ආදරවන්තියට හරි බිරිඳට හරි සෙක්සිකියලා ආමන්ත්‍රණය කරන එක වෙනම කතාවක්. හැබැයි නොදන්න ගෑණු ළමයෙක්ට එහෙම ආමන්ත්‍රණය කරන එකත්, අර කැට් කෝලින් කියලා කියන පාරේ දකින අහඹු කාන්තාවකට බොහොම නරක, අපහාසාත්මක ලිංගික යෙදුම් වලින් ආමන්ත්‍රණය කරන එකත් ලොකු වෙනසක් නෑ.

කාන්තාවක් අගය කරන්න පුලුවන් ආචාර ශීලී විදි තියෙනවා. “ඔයා බොහොම ලස්සනයිකියන එක එක විදියක්. හැබැයි ඔයා මාර සෙක්සිකියන එක ආචාරශීලී විධියක් නෙවෙයි! අන්න ඒ නිසා කාන්තාවක් ඇමතීමේදී ඇයගේ ලිංගිකත්වය සහ ශරීර ලක්ෂණ මතු කරන විදිහේ අපහාසාත්මක ආමන්ත්‍රණ නොකර ඉන්න වග බලාගන්න එක ඉතා වැදගත්.

 

ආදර සම්බන්ධතාවයක් ඇතුළේ හෝ වෙනත් රැකියා හෝ වෘත්තීය සම්බන්ධතාවයක් ඇතුළේදී සමහර පිරිමි හිතන් ඉන්නවා තමන් පිරිමියෙක් වන නිසාම තමන්ගේ මතය නිවැරදි​ය සහ තමන් යෝජනා කරන හැම දේකටම කාන්තාව කැමති විය යුතුය කියන එ​ක. මේ හේතුවෙන් කාන්තාව කොතරම් වැදගත්, වටිනා මතයක් දැරුවත් ඒක ප්‍රතික්ෂේප වෙන අවස්ථා තියනවා. ඒ ව​ගේම තමයි ප්‍රේම සම්බන්ධතාවයක් ඇතුළෙත් සියළු තීරණ ගැනීම පිරිමියා විසින් සිදු කරනවා. ලිංගිකත්වය සම්බන්ධ කාරණා වුණත් පිරිමියාගේ රුචි අරුචිකම් බලෙන් කාන්තාව මත පැටවෙනවා. මේක ඉතාම වැරදි කාරණයක්. කාන්තාවක් දරණ අදහස්වලට ඇහුම්කන් දීම වගේම ඇය අකමැති කාරණාවලට බල නොකර ඇයට ඇගේ නිදහස ලබාදීමත් සැබෑ පිරිමියෙක් අතින් සිදු විය යුතුයි!

 

හැම ප්‍රේම සම්බන්ධයම සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ. නොහොඳ නෝක්කාඩු, විරසක, බිඳී යාම් සිද්ධ වෙනවා. නමුත් සමහර පිරිමි ඉන්නවා තමන්ගේ යම් ප්‍රේම සම්බන්ධතාවයක් බිඳී ගියාම තමන් එක්ක සම්බන්ධය පවත්වාගෙන ගිය කාන්තාවගේ චරිතය ඝාතනය කර ඇයව අපහාසයට පත් කරන්නට උත්සාහ කරන. තවත් සමහරු අතිශය පෞද්ගලික කාරණා පවා සමාජයට මුදා හරිමින් කාන්තාවන්ව අපහසුතාවයට පත් කරන්නට කටයුතු කරනවා. ඒක කිසිසේත්ම පිළිගත හැකි හැසිරීමක් නෙමෙයි. කාගේ වරදකින් සම්බන්ධතාවක් බිඳී ගියත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ හිත හදාගෙන, අනාගතයක් ගැන හිතනවා මිස, වෛර කිරීම හෝ කෙනෙක්ගෙන් පළිගන්න කටයුතු කරන එක සුදුසු දෙයක් නෙමෙයි. නියම පිරිමියෙක් මේ වගේ අවස්ථාවක තමන්ගේ තැන තියාගෙන, තමන්ගේ අනාගතය ගැන හිතමින් පැත්තකට වෙන එක තමයි කරන්නේ.

 

සමහ​ර පිරිමි කැමති නැහැ තමන්ගේ බිරිඳ, සොහොයුරි​ය හෝ පෙම්වතිය රැකියා කරනවට. ඒ වගේම ඇය කැමති යම්කිසි ක්ෂේත්‍රයක්, ඇය කැමති විනෝදාංශයක් තියනවානම් ඒවා හා සම්බන්ධ වෙලා වැඩ කරනවට අකමැති පිරිමි ඉන්නවා. ඔවුන් කාන්තාවන්ව නිවසට කොටු කරන්නටයි උත්සාහ කරන්නේ. ඒකත් කාන්තාවන්ට කරනා එක්තරා අගෞරවයක් හැටියටයි අපි දකින්නේ. වර්තමානය වෙද්දී ඕනෑම ක්ෂේත්‍රයක පිරිමින් හා සමානවම කාන්තාවනුත් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් සතු සිහින හඹායාමට ධෛර්ය සැපයීම මිස, ඒවා කඩා බිඳ දමා ඔවුන්ව ගෙයි මුල්ලකට කිරීම කාන්තාවන්ට ගෞරව කරන පිරිමියකු අතින් සිදු වන්නේ නැහැ. ඔවුන් සිදු කළ යුත්තේ ඇගේ ශක්තීන් සහ හැකියාවන් හඳුනාගෙන ඇයට ඇගේ සිහින මල්ඵල ගන්වාගන්න උදවු කරන එකයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here