Fairy Herbal Products සමාගම Golden Inmedien සම්මාන දිනයි – Sri News | Sri Lanka Business News

0
16

මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියක වන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක ආරච්චිගේ මහත්මිය වෙත එම සම්මානය පිරිනමන ලදී. මාතර, මුලටියන ප්‍රදේශයේ පිහිටා ඇති Fairy Herbal Products සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ආයුර්වේද නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරයි.  ඒ අතර විවිධ රෝග තත්ත්ව සුව කිරීමට සහ රූපලාවණ්‍යය රැක ගැනීමට භාවිත කළ හැකි, විශේෂයෙන්ම කුරුලෑ උවදුරින් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති නිෂ්පාදන රැසක් වේ. වසර සිය ගණනක් පැරැණි රහස් බෙහෙත් වට්ටෝරු අනුව සකසන එම නිෂ්පාදන දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කුරුලෑ සුව කිරීම සඳහා භාවිතා කළ හැකි Fairy Face Pack එම නිෂ්පාදන අතර සුවිශේෂ වේ.

නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන Fairy Herbal Products සමාගම ඒවායේ ස්වාභාවික ශාකසාර සහ ඖෂධීය වටිනාකම රැක ගැනීමට වැඩි අවධානයක් යොමු කරයි. එම නිෂ්පාදන කටයුතු සියල්ල දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සිදු වේ. පසුගිය කාලය පුරා එම සමාගම සම්මාන, ඇගැයීම් සහ ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබා ඇත. Fairy Herbal Products සමාගම වර්තමානයේදී රූපලාවණ්‍ය ගැටලු ඉලක්ක කර ගත් නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කරමින් සිටී. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ලංකා ආයුර්වේද ප්‍රවර්ධන (පෞද්ගලික) සමාගම, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව සංවිධානය කළ Golden Inmediens සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු ඊට සහභාගී වූහ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here