Deep jungle music and cultural festival අහංගමදී

0
4

Deep jungle music and cultural festival  2024 ප්‍රසංගය මෙම මස 16,17,18 දින තුනක් අහංගම කතොලුවදී පැවැත්වීමට  deep jungle entertainment  ආයතනය කටයුතු සංවිධාන කර තිබෙනවා.

විදෙස් සංචාරකයන් සදහා විශේෂයෙන්ම නිමැවෙන මෙම ප්‍රසංගය ශ්‍රීලංකාවට නවමු අත්දැකීමක් වනවා.

මේ වනවිට අක්කර සිය ගණනක භූමියක් සැණකෙළි භූමියක් ලෙස සූදානම් වෙමින් පවතිනවා.

OZORA, TOMORROWLAND ආදී ජාත්‍යන්තර ප්‍රසංග වේදිකාවන් අතික්‍රමණය කළ කලා ශිල්පීන් මෙන්ම දේශීය අග්‍රගන්‍ය කලාකරුවන් රැසක් මෙම ප්‍රසංගයට සහභාගී වනවා.

ආහාර පාන, නවාතැන්   අවැසි සියලු පහසුකම් මෙම සැණකෙළි භූමිය තුළදීම ලබාදීමට සංවිධායකයින් කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මෙහි මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය නෙත් එෆ් එම් සහ fox fm මාධ්‍ය ජාලයෙනි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ප්‍රවේශපත්‍ර පිළිබඳ තොරතුරු දැනගැනීමට www.deepjunglefest වෙබ් අඩවියට පිවිසෙන්න.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here