CID ය හිටපු රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසට!

0
29


අද(11) පස්වරුවේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවස පරීක්ෂා කර තිබේ.

අද (11) දහවල් සුජීව සේනසිංහ මහතා ඔහුගේ කොළඹ පිහිටි නිවසට පැමිණි බවත්, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණ නියෝගයද රැගෙන එම නිවස පරීක්ෂා කිරීමට පැමිණි බවත් වාර්තා වේ.

එනමුත් අද(11) පස්වරුව වන තෙක් සේනසිංහ මහතාගේ නිවස පරීක්ෂා කිරීමට නිලධාරීන්ට නොහැකි වී ඇති බව සඳහන් වේ. ඒ කිසිවෙකු එහි දොරටුව විවෘත නොකිරීම නිසයි.

තවද, අද(11) නීතිවිරෝධීව කොටස් එකතු කර සකස් කළ බවට සැක කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී V8 වර්ගයේ රථය, වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  නියෝග කළ බව පැවසේ.

ඒ, අදාළ වාහනය, සුජීව සේනසිංහ මහතා භාරයේ තබා ගැනීමෙන් එය අස්ථාන ගතවීමේ හෝ අනතුරකට ලක්වීමේ හැකියාවක් ඇති බවට විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීමක් සළකා බලමිනි.

සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ නීතීවිරෝධී කොටස් එකලස් කර සකසන ලද වාහනයක් ඇති බවට ලද තොරතුරු අනුව වලාන විශේෂ දූෂණ විමර්ශන කොට්ඨාසය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා තිබුණු බවත්, අනතුරුව, එහි වැඩිදුර විමර්ශන සිදුකළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවත් සඳහන් වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here