Breaking News : CIDයට මගහැරුණු මිලියන 50ක තැන්පතුවක් ආපසු ගැනීමට කෙහෙළියගේ පවුලෙන් වෑයමක් !

0
44


කෙසේවෙතත් එම විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අත්හැරුණු රුපියල් මිලියන 50 ක තැන්පතුවක් අද (නොවැම්බර් 09) දිනයේදී ආපසු ලබාගැනීමට කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයින් සූදානමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව කෙහෙළියගේ එක් දියණියක් එම තැන්පතු මුදල ආපසු ලබාගැනීම සඳහා අවශ්‍ය ලිපිලේඛන ද රැගෙන මේ වනවිට මහජන බැංකුවේ එක්තරා ශාඛාවකට පැමිණ සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

අදාළ බැංකු ශාඛාවේ සේවය කරන අය ද කරකියාගත හැකි දෙයක් නොමැතිව සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවත් වාර්තා විය.

කෙහෙළියගේ පවුලේ අය මෙසේ ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඉහළ බලපෑමක් සහිතව වන බවත් ආරංචිමාර්ග පැවසීය.

මේ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වහාම ක්‍රියාත්මක නොවුණහොත් අදාළ තැන්පතු මුදල මුදාහැරීමට බැංකුවේ සේවය කරන අයට සිදුවනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here