Best gaming laptops of 2018 – Sri News

0
5


කාලයක් තිබුණා ගේම් ගහන්න හොඳ කම්පියුටරයක් කියන්නේ Intel Core i7 ප්‍රොසෙසරයක් තියෙන, 8GBවත් RAM එක තියෙන එකකට. ඒ කාලෙ ලේසියට අහන්නෙත් “උඹේ එකේ Crysis ගහන්න පුළුවන්ද බං?” කියලා. දැන් ඉතින් ඒ Performance වලින් කරන්න පුළුවන් ඉතින් “නංගි-අඬන්න” (Cry-sis) තමයි. 2018 අවුරුද්ද වෙද්දි ලෝකෙ දැනට තියෙන හොඳම ගේමිං ලැප්ටොප් සෙට් එකයි මේ.

 

 

ප්‍රොසෙසර් එක Intel Core i7 සහ ග්‍රැෆික් කාඩ් එක Nvidia GeForce GTX 1070 (8GB GDDR5X VRAM, Max-Q) වන මේ ලැප්ටොප් එකේ රැම් එක 16GB වෙනවා. ස්ක්‍රීන් එක අඟල් 15.6 ෆුල් HD තියෙනවා වගේම එළිය වැටුණාට දිලිසෙන්නේ නැති වෙන්න ස්ක්‍රීන් එකේ මොන පැත්තෙන් බැලුවත් පාට වෙනස් නොවන විධියට සුපිරියටම හදලා තියෙනවා. තිරයේ යට හැර අනෙකුත් පැති; දාරයට ඉතාම ළඟින් තියෙනවා. ගිගාබයිට් 512ක SSD එකක් තියෙන නිසා ස්පීඩ් එක තියෙනවා උඩින් යන්න. ලැප් එකේ ඩිසයින් එක සරල, සහ දාර කොටු හැඩයේ එකක්. අවුලකට තියෙන්නේ යට ගොඩක් රත්වෙන නිසා උකුලෙම තියාගෙන ගොඩක් වෙලා ගේම් ගහන්න අමාරුයි. බැටරිය පැය 8ක් දුවන්න පුළුවන් සහ ඇඩැප්ටර් ගඩොල ගොඩක් ප්‍රමාණයෙන් අඩු නිසා ගෙනියන්න පහසුයි.

 

 

Intel Core i7 ප්‍රොසෙසරයකින්, Nvidia GeForce GTX 1080 (8GB GDDR5X VRAM) ග්‍රැෆික්ස් කාඩ් එකකින් බල ගන්වා තිබෙන මේ Asus ලැප්ටොප් එකේ RAM අගය 16GB වෙනවා. තිරය අඟල් 15.6 ෆුල් HD (1,920 x 1,080) සහ කලින් කිව්ව ලැප් එකේ වගේම Anti-Glare, Wide-View තිබෙන අතර G-Sync තාක්ෂණය, රීෆ්‍රෙෂ් රේට් එක 120Hz නිසා රූපවල Quality එක සුපිරියටම තියෙනවා. ගිගාබයිට් 512ක SSD එකක් මේකෙත් තිබෙනවා. විශේෂත්වය වන්නේ කීබෝඩ් එකයි, ස්ක්‍රීන් එකයි අතර ලොකු හිඩැසක් තියෙනවා. මේ නිසා කීබෝඩ් එක අපිට බොහොම ළඟින් තියෙනවා. මේ හිඩස එයාලා Cooling System එකට පාවිච්චි කරන අතර ඉන් ෆෑන්වල සද්දෙ සම්පූර්ණයෙන්ම ඉවත්කර තිබෙනවා. බැටරිය මදිකම සහ කීබෝඩ් එකේ අජූත පිහිටීම තමයි මේකේ අවුල් විධියට දකින්න පුළුවන් වෙන්නේ.

 

2.6GHz ක වේගයක් තියෙන Intel Core i7-6700HQ ප්‍රොසෙසරයක්, Nvidia GeForce GTX 1060 (6GB GDDR5 VRAM) ග්‍රැෆික් කාඩ් එකක් සහ 16GB රැම් එකකින් එන ගේමිං වලට ලැප්ටොප්, ෆෝන් හදන්නට නම් දරපු රේසර් සමාගමේ අලුත්ම ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක නම් අඟල් 14ක එකක්. මේක ෆුල් HD (1,920 x 1,080) සහ QHD+ (3,200 x 1,800) විධියට රෙසලූෂන් දෙකකින් පාවිච්චි කරන්න පුළුවන් වගේම එයාලගෙම IGZO තාක්ෂණයෙන් LED Backlit, Multi-Touchනුත් තියෙන නිසා සයිස් එක ටිකක් අඩු වෙන එක ටිකක් විතර ශේප් වෙලා යනවා. මේකෙ හාඩ් එක SSD වුණාට 256GB තමයි තියෙන්නේ. කීබෝඩ් එකටත් සුපුරුදු ලයිටිං සිස්ටම් එක තියෙනවා. බැටරි ලයිෆ් එක හොඳටම තිබුණත් වැඩ කරද්දි ෆෑන් එකෙන් එන සද්දෙ ඉවසා වදාරන්න වෙනවා.

 

 

පියන ඇරියාට පස්සේ සාමාන්‍ය ලැප්ටොප් එකකම චොර පෙනුම තියෙන Asus ROG එකේ ප්‍රොසෙසර් එක Intel Core i7 සහ ග්‍රැෆික් කාඩ් එක විධියට Nvidia GeForce GTX 1060 – 1070 තිබෙනවා. රැම් එක DDR4 ගිගාබයිට් 16ක් වන අතර ස්ක්‍රීන් එක අඟල් 15.6ක ෆුල් HD (1,920 x 1,080) IPS එකක්. මාදිලි කිහිපයකින් එන මේ ලැප්ටොප් එකේ 128GB, 256GB SSD විධියටත් 1TB HDD එකකුත් විධියට ලබා ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ දාර මහත වුණාම බ්‍රයිට්නස් හොඳටම තියෙනවා. මේකෙ බැට්‍රි ලයිෆ් එක ටිකක් මදියි සහ පෙනුමේ විශේෂයකට තියෙන්නේ පියනේ ඇති පාට පාට ලයිට් ටික සහ කීබෝඩ් එකේ W, A, S, D කීස් ටික පාටින් තියෙන එක විතරයි. Keys එබෙන උස මිලිමීටර් 1.6ක් තරම් අඩු නිසා ඒකෙ වාසියක් තිබෙනවා. Mic කිහිපයක් තියෙන නිසා හෙඩ්සෙට් එකක් නැතිව වුණත් Multiplayer ගේම් එකක් ගහන්න පුළුවන්.

 

 

Dell සමාගමේ Alienware නමින් එන ගේමිං ලැප්ටොප් සෙට් එකේ අලුත්ම ලැප් එක විවිධ මිල සහ Performance අනුව මාදිලි 4කින් වෙළඳපොළේ තියෙනවා. ස්ක්‍රීන් එකේ දාරය ගොඩක් මහත වුණාට OLED නිසා පට්ටම වීව් එකක් තියෙනවා. ලැප්ටොප් ඩිසයින් එකත් මහ ලොකු ලස්සනක් නැහැ. මේකෙ ප්‍රොසෙසරය Intel Core i5 හෝ i7 වර්ග කිහිපයකින්, ග්‍රැෆික්ස් Nvidia GeForce GTX 1060 සහ රැම් එක 8GB සහ 16GB DDR4 ලෙස ලබාගන්න පුළුවන්. හැම මාදිලියකම තිබෙන්නේ ස්ක්‍රීන් එක අඟල් 13.3ක HD එකක් විතරයි. ඒක ටච් ස්ක්‍රීන් එකක්. අවුලකට තියෙන්නේ ලැප් එකේ මහත (ඝනකම) වැඩියි සහ බැටරි ලයිෆ් එක මදි.

 

 

කලින් කියපු රේසර් ලැප් එකේම Pro වර්ෂන් එක විධියට වැඩි වැඩකෑලිත් එක්ක එන මේකෙත් Intel Core i7, ග්‍රැෆික්ස් Nvidia GeForce GTX 1060 (6GB GDDR5) සහ 1080 (8GB GDDR5X) ලෙස මාදිලි දෙකක් තියෙනවා. ඒ, ස්ක්‍රීන් එක Full HD සහ සුපිරිම පැහැදිලි තිරයක් වන 4K විධියටයි. මේවායේ රැම් 16GB සහ 32GB වනවා. දෙකේම ස්ක්‍රීන් එක අඟල් 17.3ක් සහ රීෆ්‍රෙෂ් රේට් එක 120Hz වන ටච් ස්ක්‍රීන් එකක්. කූලිං සිස්ටම් එක හොඳ නිසා මේ ලැප් එකේ ෆෑන්වල අවුල නම් නැහැ.

 

 

අපි මදර්බෝඩ්වල නිතර දකින බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි Gigabyte කියන්නේ. එයාලගෙ අලුත්ම ගේමිං ලැප් එකේ SSD දෙකක් සහ HDD එකකුත් එක්ක ස්ටෝරේජ් 3කින්ම එනවා. ඝනකම වැඩි, ස්ක්‍රීන් එක වටේ දාර වැඩි නිසා කැත පෙනුමක් සහ පාට පාට ලයිට් වලින් රේසර් එකේ තොරණට සමාන වෙන්න හදන මේ ලැප් එකේ ප්‍රොසෙසර් එකත් Intel Core i7, ග්‍රැෆික්ස් Nvidia GeForce GTX 1060 වෙනවා. ස්ක්‍රීන් එක අඟල් 15.6 ෆුල් HD (1,920 x 1,080) IPS සහ ඕනෑම පැත්තකින් බැලුවාම පාට වෙනස් නොවන විධියේ එකක්. ස්පීකර් Quality එක සහ බැටරි ආයුකාලයත් මේකේ සාපේක්ෂව අවුල්.

 
Cover Image Source – gamingfactors.com
 





Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here