ඒ, රුපියල් කෝටි 14ක් පමණ වටිනා මැණික් සහ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධ පැමිණිල්ලකදී සම්මත ක්‍රියාපටිපාටියට පිටින් යමින් පැමිණිලිකාර පාර්ශ්වයට වාසි සහගත වන පරිදි විමර්ශන සිදුකිරීම සහ නීතියට පිටින් බලහත්කාරයෙන් දේපළ අත්පත් කර ගැනීම ආධාර කිරීම යන චෝදනා සම්බන්ධයෙනි.
2023 අගෝස්තු මාසයේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු හරහා CCD යට පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්. මෙවැනි ඉහළ මූල්‍ය වටිනාමක් සහිත සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට CCD යට නීතිමය බලයක් නොමැති අතර පැමිණිල්ලක් ලැබුණු විට එය වංචා විමර්ශන ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුව ඇත.
එසේ තිබියදී CCD ය මෙම පැමිණිල්ල ලියාපදිංචි කරගෙන විමර්ශන සිදුකර ඇත්තේ හිටපු ඉහළම පොලිස් නිලධාරියෙකුගේ වුවමනාව පරිදි යැයි දැනටමත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඉදිරියේදී එකී ඉහළම නිලධාරියාත් නීතිය හමුවට කැඳවීමට කටයුතු කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අත් අඩංගුවට ගෙන තිබුණේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී වන අතර එහිදී ඔහුට වහාම නිවසට පණිවිඩයක් යවා සිවිල් ඇඳුම් ගෙන්වාගෙන පොලිස් නිල ඇඳුම ගලවන ලෙස නියම කර තිබුණු බවත් ආරංචිමාර්ග පැවසීය.
Sri News Media