රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24,කොළඹ (LNW):
මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන පාස්කු වාර්තා පසුගිය ජනාධිපතිවරණ සමයේදී තමා අතට ලැබුණු නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳා ගැනීමට ඇති අකමැත්ත හේතුවෙන් තමන් එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව පාස්කු වාර්තා ගෙන හැර දක්වමින් දේශපාලනය නොකරන ලෙස සෑම පාර්ශ්වයකින්ම තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පවසයි .
එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.
“ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපති ධූරයට මම පත් වූ පසුව කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු රදගුරුතුමන්ගේ ඉල්ලීම පරිදි පාස්කු කොමිෂන් සභා වාර්තා එතුමන්ට භාරදීමට කටයුතු කළෙමි.
Sri News Media